වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන
පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන
දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත්
එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි
කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ
නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි සුරංගනාවියගේ කකුල් දෙකම හරියට වැඩ කරන්නේ
නහැ..තියන හැම පියවර කීපයකටම සැරයක් ඇය බිම වැටෙනවා, හැබැයි ආපහු නැඟිටින්නේ හරිම ලස්සන හිනාවක් එක්ක. ඒ නිසාමයි මට එයාව හොඳට මතක හිටියේ.. කොහොම උනත් ඇය ලඟට ගිහින් මම කතා කලේ නැහැ,
ගොඩක් වෙලාවට අබාධිත දරුවන්ගේ දෙමාපියන් කැමැති නැහැ එයාලගේ දරුවන්ට
අනුකම්පා කරන අයට..මගේ හිතේ තිබුනේ අනුකම්පාවකට වඩා ඒ පුංචි කෙල්ලගේ
ධෛර්යයට ගරු කිරීමක් බව ඒ පුංචි කාලය ඇතුලේ දෙමාපියන්ට වටහලා දෙන්න
බැහැනේ.. ඒ නිසා ටිකක් දුරින්ම අපේ ගනු දෙනුව නවත්තල මම ඉඳ ගත්තා අනිත්
පැත්තේ තිබුනු පුටුවක මගේ පුතත් එක්කම...ඒ දෙමාපියන්ගේ මුහුණු වල මම දැක්කේ නැහැ එතනින් එහාට යන්න මට අවසරයක් දෙන හැඟිමක්..කවුද කියලා හරියට නොදන්න කෙනෙක් එක්ක ඒ තරම් ලඟින් තමන්ගේ දරුවා හැසිරෙනවා දකින දෙමාපියන්ගේ හිත් වල සැකයක් ඇති කරන එක හරිම සාමාන්‍ය දෙයක් (මම මේ අනියම් සැකයට පුතාගේ පාසැලේදිත් මුහුණ දුන්නා ගිය අවුරුද්දේ, මේ පෙර පාසැලේම දරුවන් පිරිසක් මාව අඳුරගෙන හැසිරුනු විදිහ නිසා..අන්තිමේ මට සිද්ද උනා එයාලව මඟ හැරලා යන්න )
කොහොම හරි අපි දෙන්නගේ
හැසිරීම් බලාගෙන හිටිය වෙනත් කෙනෙක්ට මාත් එක්ක කතා කරන්න ඕන වෙලා කියලා
තේරුනේ මගේ එහා පැත්තෙන් ඕනවට වඩා ලන් වී උගුර පාදන හඬක් නිසයි.. ඒ පැත්ත
බැලු සැණින් තේරුම් ගන්න පුලුවන් උනත් මොකක්ද වෙලා තියෙන්නේ කියා මම හිටියේ
නිහඬව..මම එදා බෙහෙත් ගන්න ගියේ මගේ පුතත් එක්ක..මේ එහා පැත්තේ
කෙනා මගේ හැඟිම් කියවලා අර පුංචි සුරංගනාවිය එක්ක මම ගනු දෙනු කර ගත් මීට
මොහොතකට කලින්.. මිනිස් හැඟිම් මේ වගේ හුවමාරු උනාම මැඬ පවත්වා ගන්න බැරි
ඕනකමක් එනවා ඒ කෙනා එක්ක කතා කරන්න.. ඒක මට තේරුම් ගන්න පුලුවන්.. මට
තේරුම් ගන්න බැරි අනිත් කෙනාට ඕන කමක් නැත්නම් ඇයි තමන්ගේ හැඟිම් තමන් තුල
පාලනය කර ගන්න බැරි..
ඇස් වලින් මට ඒ හැඟිම තේරුනත් මට ඕනකමක් නැහැ
කතා කරන්න කියන එක කියලා මම එන්න ආවා ගෙදර..(පරිත්‍යාගශීලි) ආදරය කියන්නේ
දැක්ක තැන බලෙන් හෝ ලබා ගන්න දෙයක් බවට හැරුනේ කොහොමද මිනිස් සමාජයක...
No comments:
Post a Comment