බොහෝ
වැඩිහිටි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සෘණාත්මක හැඟිම් අනිත් අයට නොරිදවා, අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව ස්වාධීනව පිට කල හැකි ක්‍රම තියන බව.. තමන්ගේ
හදවතේ නොනවත්වා නැඟෙන හැඟිම් පෙරා වෙන් කර අවට පරිසරය හිතකර හැඟිම් පමණක්
පිට කල හැකි පෙරහන් කඩදාසි සොයා ගැනීම හිත ඇත්නම් පත කුඩා ද වගේ හරිම පහසු
දෙයක්..(ඒ වගේම තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නාසය අඟින් අවසන් කරන්නත් බොහෝ
වැඩිහිටියන් දන්නේ නැහැ)
හැබැයි මෙහිදි අනුන් වෙනුවට තමන්ව
රිදෙන එකට ගොඩක් මිනිස්සු හරිම බයයි.(මේ බය නිසාම යැපෙන්න ක්‍රම හදාගෙන
තියනවා මිනිස්සු මවා ගත් චරිත තුලින් පවා) .ඒ බය ගොඩක්ම එන්නේ කොන්දේසි
විරහිත ආදරයක් කුඩා කාලයේ සිටම විඳ නැති අයට කියලත් මට හිතෙන දෙයක්..
ඒ කිව්වේ අම්මා තාත්තා ඇතුලු අවට පරිසරයේ අයගේ අඩු පාඩුවක් නෙමේ.. මිනිසුන්
අතර පවතින සන්නිවේදනයේ හිස් තැන් කියලයි මට නම් හිතෙන්නේ හිමින් හිමින්
වැඩි දියුණු වෙමින් යන...
හැබැයි ඉතින් මිනිස් මනස කියන්නේ ඕනම දෙයක් හිතා මතා හුරු කල හැකි හරි
කීකරු ආයුධයක් බවත් අමතක කරන්න එපා..
No comments:
Post a Comment