Wednesday, November 14, 2018

ඇත්තද බොරු ද...

අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න ඉඩ නොදෙන කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි..

ඇත්ත එළියට ගන්න ආත්ම විස්වාසයක් ඇති මිනිස්සු බහුතරයක් වෙන දවසක (ඕනම අතකින්) දියුණුව කියන්නේ නවත්වන්න බැරි දෙයක්..බොරුවට (මායාවට) හුරු උන මිනිස්සුන්ගේ මේ ඇත්ත එළියට ගැනීමේ ආත්ම විස්වාසය ඇති කිරීම එතරම් පහසු දෙයක් නම් නොවේ..හැම අතින්ම ආරක්ෂාකාරි පරිසරයක උනත්..මම දකින්නේ එය පමා නොකර ලෝකේ හැම තැනම ඉන්න පුංචි දරුවන්ගෙන් පටන් ගන්න ඕන කියලයි..යථාර්තය එහෙම නැත්නම් ඇත්ත කිසිම කෙනෙකුට (අඩුම ගානේ දෙමාපියන්ටවත් ) යටත් නොවී දකින්න, විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න හුරු කරන්න ඕන දරුවෙක් කුඩා කාලයේ සිටමයි.. එසේ කරන්න ආත්ම විස්වාසයක් ඇති, පැහැදිලි ඉදිරි දැක්මක් ඇති නිහතමානි වැඩිහිටියන් නම් සුලුතරයකි මිහි පිට ඇත්තේ කියා ද මට සිතේ..

තවත් දෙයක්ද දුප්පත් යැයි කියන රටවල් වල මිනිසුන්, තවත් දුප්පත් රටක මිනිසුන්ට පෝසත් යැයි කියන රටක නිපදවූ මිනිසුන්ට අහිතකර "වෙළඳ බාණ්ඩයක්" විකුණා තම ජීවිතය පවත්වා ගනීද, ඒ මිනිසාට හෘද සාක්ෂියක් ඇති ද යන ප්‍රශ්නය මසිතට නැඟේ..මුදල හමුවේ තම මිනිසත් බව වලලා දමන මෙවැනි (නො) මිනිසුන් සුලුතරය වන දිනක ලෝකය හිනැහෙනු ඇත හදවතින්..

ඒත් එක්කම නැති අවශ්‍යතාවයක් මුදලට මවන හැටි ගැන අවබෝධයක් ඔබට තිබේද..මුදල නැතුවත් මිනිසුන්ට හොඳම දේ දෙන්න හැකි බව පෙනෙනවට බහුතරයක් මිනිස්සු කැමැති නැහැ, මොකද පාලනය කරන්න බැහැ එහෙම උනොත් මිනිස් මනස..මිනිස් මනස පාලනය කිරීමට මිනිසාම හදා ගත් තවත් එක් ක්‍රමයක් පමණි මුදල..

"මම අනිකාට වඩා උසස්" , "මම අනිකාට වඩා ඉහළයි" කියන්න විදි මිනිස්සු හොයන්නේ අද ඊයේ ඉඳලා නෙමේ වගේම අද හෙට එය නවතින්නේ ද නැත..ඒ මට හිතෙන හැටි, ඒ මම දකින හැටි.."මම" අත හැර "අපි" දකින්න තව සියවස් ගණනාවක් මිනිසාට ගත වනු ඇත..එතෙක් මිනිසා පැවතුනොත්.. මිනිසාගේම ක්‍රියාකලාපයන් නිසා එයද සැකයකි මට නම්...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.