Saturday, June 9, 2018

දිනෙක හිරු බැස යන වෙලාවක....

 මගේ පුතා කියන්නෙ පුංචි කාලේ ඉඳන් මට ඕන වෙලා තිබුන, ඒත් දවසෙන් දවස හීනයක් උන නිදහස් නිවහල් ස්වාධීන ජිවිතේ ගෙවන්න හරිම අහම්බෙන් ඉඩ ලැබුනු, මගේ ජිවිතය බැඳ තිබු බොහෝ බැමි කඩලා දාපු කිසිම සැඟවීමකින් තොරව මට මං වෙන්න පායපු නොනිමෙන පහනක්..



 පුතේ නුඹ දැල්වු පහන් සිල නොවී නම්,  මා වටා සිටි නොමිනිසුන්  සදාකාලිකවම මා  සිර කරනු ඇත ඔවුන්ගේ සිර මැදිරි තුල..  ඒ වගේම  ඒ පහන් සිල නිවී ගියහොත් පෙර මෙන් මගේම යැයි කියනා අය සමඟ  නිදහස පතා අරගල කිරීමට නොහැකි තරම් 

වෙහෙසට පත් වී සිටින මා, 
යලිඳු සිර කරනු නොඅනුමානය...
එහෙයින් පුතුනි නුඹ නිවී යන දිනක මාද නිවී යනු ඇත..


 

සියල්ලත් අත් හරින  දහමක් උපතින්  හිමි වුනත් මේ නොමිනිසුන් යලි යලි අල්ලා ගැනීම මිස, අත හැරීම නොදන්නා නිසාම මා පුතුනි දිලෙන්න මා මියෙන තුරා.... 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.