Monday, June 25, 2018

ජීවත් වෙන්න සටන් කරද්දි හීන දකින්න වෙලාව තියනවද..

කොයි තරම් බැලුවත් Golden Buzzer එන හැම සැරේකම මගේ ඇස් වල කඳුලු පිරෙනවා කියලා මම දන්නේ සමහර වෙලාවට ඒ කඳුලු වල සීතල මට දැනෙන නිසා විතරයි.. මුලදි පේන්න බැරි උනත් මම ආසම කරන විනිශ්‍යකරුවා, Simon Cowell. කවදා කොහොම ඒ කැමැත්ත ඇති උනාද කියලා මටම මතක නැහැ..

ඔහුට පුලුවන් කෙනෙක්ගේ හදවතට කතා කරන්න..ඔහුට පුලුවන් කෙනෙක්ව සඳහටම වෙනස් කරන්න..එවැනි මිනිසුන් මේ ලෝකේ හරිම අඩුයි කියා නම් මට හිතෙනවා..

මේ විඩියෝවේ ඉන්න පියාත් හරිම විශේෂයි.. ඒ ඔහු ඔහුගේ නොවන දරුවන් 6දෙනෙකුටම කියා දෙනවා නිදහසේ හීන දකින විදිහ තමන් තුලින්.. මන් හිතන්නේ ඒ වගේ තාත්තලාත් ලෝකේ හරිම අඩුයි..


ඔහු කියනවා කෙනෙක් ජීවත් වෙන්න සටන් කරනවා නම් හීන දකින්න බැහැනේ කියා.. මට හිතෙන්නෙත් ඒ ඔහු කියන්නේ සම්පුර්ණ ඇත්ත.. කෙනෙකුට හීන දකින්න ඒ හීන පසුපස හඹා ගිහින් ජීවිතය විඳින්න නම් මුලින්ම ඕන දේ සහනයෙන්  ජීවත් විය හැකි තැනක්.. කාලෙකට කලින් බැලුව SAFE HAVEN  ෆිල්ම් එකෙත් මේ ගැන කතා කලා මතකයි මට අද වාගේ...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.