Wednesday, June 13, 2018

ඔබට මොහොතකට වැටහුනාද..

මුදල්, සැප සම්පත්,අධ්‍යාපනය, අඩුවක් නැතුව කෑම බීම ඇතුලු සියලු දේ තිබුනත් මිනිස්සුන්ගේ තියන ප්‍රශ්න නම් අඩුවක් නැහැ..අත් හරින්න ඉගෙන ගන්නා තුරු කියා මට සිතේ.

ඔබ දැක තිබෙනවාද බෝ ගස් ඇතුලු සිමෙන්ති පිළිම වලට කෑම කවන අවස්ථා.. ඒ ගත කරන හැම තප්පරයක් පසාම බඩගින්න දරාගන්න බැරුව ඉන්න මිනිස්සු කොයි තරම් ඇති ද ලෝකේ පුරා.. කොහොමද මිනිස්සු මිනිස්සුන්ව අමතක කරන්නේ මේ තරම් ලේසියෙන්.. මේ අත් හැරීමද තෘෂ්ණාවද එහෙම නැත්නම් පින් එකතු කිරීමේ තරඟයක් ද.. ඇයි මිනිස්සු හිතන්නේ අනික් මිනිසාගේ බඩගින්න තමන්ගේ වගකීමක් නොවන බවත් මේ බෝ ගස්, සිමෙන්ති පිළිම වල බඩගින්න තමන්ගේ වගකීමක් බවත්..

තවත් බොහෝ විස්වාස මත පදනම් වූ කිසිම තේරුමක් නොමැති බාහිර ඔපේට කරන දේවල් කොතෙක් ද..මේවා වලින් මිනිස් මනස පීඩනයෙන් මුදවා ආත්මාර්ථයෙන් මුදවා අත්හැරීම පුරුදු කර සෑම කෙනෙක්ම එක මිනිස් වර්ගයාට අයත් බව ඇතුල් කර ඇතිය කියා ඔබ දකිනවාද....අඩුම ගානේ තවත් කෙනෙකුට නොරිදවා ඉන්න පුරුදු කර ඇතැයි ඔබ සිතනවාද... මම නම් දකින්නේ මේවා නිසා මිනිස්සුන්ගේ පීඩනය වගේම පිරිහීමත් වැඩි වී ඇති බවයි.. එක් මිනිසෙක් අනිත් මිනිසා ගැන මනුස්සකමින් නොහිතන වාර ගණන වැඩි කර ඇති බවයි..

මොකද සැම විටම මිනිසුන් දෙදෙනෙකු අතරට අතමැදියෙක් පැමිණෙන නිසා.. දෙදෙනෙක් අතරට තුන්වැනියෙක් ඒම යනු ඒ දෙදෙනා අතර සම්බන්ධයේ අවුල් ජාලයක් නිර්මාණය වීම බව ඔබ හොඳින් දන්නවානේ.

මම නම් හිතන්නේ අත් හරින්නවත් තවත් කෙනෙක් ගැන පරාර්ථකාමීව හිතන්නවත් කිසිම බාහිර බලපෑමක් අවශ්‍ය නැහැ..එය ඕනම කෙනෙකුට කල හැකි දෙයක් තමන්ට ඕනකම්ක් තිබේ නම්.. ඕනකමක් නැති නම් කොහොම කිව්වත් කෙරෙන්නේ නැහැ... එය මිනිස් මොළයේ මිනිස් සමාජ සම්බන්ධතා පිළිබඳ වැඩ කරන කොටස් වල මනා ක්‍රියාකාරිත්වය නිසා ඉබේම කෙනෙකුට ලැබෙන හැකියාවක්.. මොළයේ ඒ හැකියාව නොමැති නම් මොනවා කලද ඒ හැකියාව එන්නේ නැහැ කියායි මම නම් හිතන්නේ..

මිනිස්සුන් හැඟිම් වලට වහල් වී නොයෙකුත් විස්වාස මත පදනම් වූ ආගම් නැතුව තවත් කෙනෙක් ගැන පරාර්ථකාමීව දකින්න බැහැ කියා හිතාගෙන ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ..තව විදිහකින් කිව්වොත් තමන්ගේ නොහැකියාව පිලිගන්න තියන අසීමිත අකමැත්ත..

ලේසිනේ කරුමෙට බැර කරන්න කිසිම උත්සහයක් නොගෙන තමන්ගේ අඩු පාඩු හොයලා බලලා පිලි අරගෙන හදා නොගෙන, මේ ආත්මේ තරඟෙට පින් කරලා ගිය ආත්මේ කරපු පව් ගෙවලා එන ආත්මේ හොඳ තැනක ඉපදීම තමයි අරමුණ..තමන්ට නොලැබුනු දේවල් කෙසේ හෝ ලබා ගන්න මිසක් ලැබුනු දේ ඇතිය කියා පිලිගන්න ඇති නොහැකියාව නේද ඒ...

මේ ක්‍රමයේදි ජීවිතයේ එන ගැටලු වලට නිවැරදි එක් එක් පරම්පරාවෙන් අඩු වෙවි යන විසඳුම් ගොඩ නැඟෙන්නේ නැහැ.. ඒ තියා ගැටලු හඳුනා ගැනීමක්වත් කරන්න ඉඩක් නැහැ.. මොකද ඔක්කොම ගැටලු පෙර පව් නිසා කරුම නිසානේ වෙනවා කියල තරයේ විස්වාස කරන්නේ..ඉතින් මේ වර්තමානයේ ඉන්න කිසිම කෙනෙක් වගකීමක් ගන්නේ නැහැ..පින් කලාම ගැටලු ඉබේම අතුරුදහන් වෙනවනේ..

දෙමාපියන් දරුවන් බිහි කලාට ඒ දරුවන්ගේ ආවේණික ගැටලු වල වගකීම ගන්න ලෑස්ති නැහැ...ගැටලු හන්ගන්න, බලෙන්ම යටපත් කරන්න නම් ඕන තරම් ක්‍රම හදාගෙන තියනවා නේද බොරු ගොතලා කියන්න කිසිම පැකිලීමක් නැහැ...දැනුවත් වෙන්නවත් ඕනකමකුත් නැහැ...නොදැක්කා වගේ ඉන්න හෝ කරුමෙට අපලෙට වගේම දරුවන්ගේ අවාසනාවට බැර කර තමන්ගේ වගකීම් පැහැර හැරියට දරුවන් ලවා බලෙන්ම තමන්ට සමාජය ඇතුලේ අවශ්‍ය දේවල් කරවා ගන්න නම් ඕන තරම් ක්‍රම හදාගෙන තියනවා නේද..දරුවන්ගේ ස්වාභාවික ආවේණික විදිහ බලෙන්ම වෙනස් කර..

මේ ක්‍රමය ඇතුලේ දරුවන්ට වැරදුනු අවස්ථා වල ඒ වගකීම තනිකරම දරුවට බැර කරන්න කිසිම පැකිලිමක් නැහැ නේද..දරුවා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එතනදි වැරදි නැහැ..මුල අමතකයි.. දරුවන් බිහි කිරීම ඒ දරුවන්ට කරන ලොකුම ලොකු උපකාරයක් ලෙස අර්ත දක්වන්න නම් ඉහටත් උඩින් විදි හදාගෙන ඇත..තමන්ගේ හැඟිම් සහ අවශ්‍යතා ස්වාධීනව ඉටු කරනොගෙන..

කොටින්ම උපතින් ලැබෙන බුද්ධිය විස්වාස මත පදනම් වූ හැඟිම වලට වහල් වී මොට වීමක් මම දකින්නේ මේ ආගම් නම් සංකල්ප වලින් සමාජගත වී තියෙන්නේ කියා.. එය ආගම් වල එහෙමත් නැත්නම් ඒ ආගම් නිර්මාතෘවරුන්ගේ නොහැකියාව නම් නෙමේ..මිනිස්සුන්ගේ නොහැකියාව..

මිනිස්සු ගත යුත්ත නෙමේ ද අරගෙන තියෙන්නේ බුද්ධ දර්ශනය නම් නිර්මාණයෙන්... අත් හැරීම වෙනුවට තවත් එකතු කිරීමට මේ නිර්මාණාත්මක දර්ශනය යොදා ගන්න මිනිස්සු පෙළඹුනේ ඇයි..දර්ශනයේ වරදක්ද එහෙම නැතිනම් එය සමාජගත වූ විදිහේ වරදක් ද..මිනිස් සතා තම සහෝදර වර්ගයා අමතක කොට නිවන සොයා වල්මත් වී ද..අන්තිමේ අත් හැරීමෙන් ලැබෙන නිවන තරඟයක් වී අනන්තයට පලා ගොස් ද..

මේ නිරපරාදේ වැය කරන කාලය මිනිස්සු තමන්ගේ තියන අඩු පාඩුකම් හන්ගන්නේ නැතුව හොයාගෙන පිලි අරගෙන හදා ගන්න (මේ ආත්මයේම හොඳේ) ගත කරන්න හැකි නම්.. තමන්ගේ අඩුපාඩු අනුන්ට (අතීතයට, පෙර ආත්මයට, කරුමෙට) බැර නොකර සමාජය ඉදිරියට ඇවිත් පිලිගන්න තරම් නිර්භීත නිහතමානි මිනිස්සු ඉන්නවද...

ඔබට මොහොතකට වැටහුනාද ඒ හැකියාව නැති තමන්ට නොලැබුනු දේවල් කෙසේ හෝ ලබා ගන්න මිස ලැබුනු දේ ඇතිය කියා හිතන්න බැරි මිනිස්සු හැන්ගිලා ඉන්නේ කුමන දෙයක් පිටුපසු ද කියා තමන්ගේ නොහැකියාව වහගන්න.. තමන්ගෙම හිතේ තියන බය වහගන්න...තමන්ගේ හිතේ තියන ආසාව රැක ගන්න.

ඔබ මොහොතකට දැක්කද දේශපාලුවෝ එහෙමත් නැත්නම් පාලකයෝ/රජවරු යැයි කියනා අය වගේම අවස්ථාවාදින් මේ හිස් තැන් වලින් අපූරුවට තමන්ගේ ගමන හදාගන්න විදිහ..

4 comments:

  1. //ඔබ මොහොතකට දැක්කද දේශපාලුවෝ එහෙමත් නැත්නම් පාලකයෝ/රජවරු යැයි කියනා අය වගේම අවස්ථාවාදින් මේ හිස් තැන් වලින් අපූරුවට තමන්ගේ ගමන හදාගන්න විදිහ.//
    පූජකයින් වැඩිදෙනාද මේ ගණයට වැටේ.එයට අමතරව විවිධාකාර ගුප්ත සාස්තරකරන අයද සිටී.

    “Idolatry happens when you worship or praise anything excessively to the point of causing you to believe it reigns supreme. All things on this earth are temporal, even your very own desires. Be careful that you do not create idols to worship.”
    ― Amaka Imani Nkosazana

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. මට අමතක වු කොටස් තව ඇති මේ සමාජයේ සාරය උරාගන්න ආපිට කිසිවක් නොදෙන..thanks Pra..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.