Thursday, June 28, 2018

ඒක තමා පුතේ මේ ලෝකේ හැටි..

සමාජයක ජීවත් වන එක් අයකුගේ ගැටලුවක් සහ ඒ ගැටලුව නිසා ඇති වන ප්‍රතිඵල (ධන හෝ සෘණ) ඒ කෙනාගේ පමණක් ද..

සති දෙකකට විතර කලින් පියෙකුගේ සුව නොවූ මානසික පීඩනයට වන්දි ගෙවු පුංචි පුතාගේ අවසන් කටයුතු තිබුනේ ගිය සතියේ.. මේ පුංචි දරුවා ගිහින් තිබුනේ අපේ පුතා යන පාසැලටම නිසා කැමති අයට එයට සහභාගි වෙන්න වගේම එතනින් එහාට ඒ පවුලට ඕන කරන උදව් කරන්න පුලුවන් විදි ගැනත් විස්තර අපිට කල් තියාම පාසැල් හරහා ලැබුනා..

එදා දවසේ පුතාලගේ පාසැලෙන් සහභාගි උන ගුරුවර/ගුරුවරියන්ගේ පන්ති වල දරුවන් අනිත් පන්ති අතරේ බෙදා හරින්න තමයි තීරණය කරලා තිබුනේ.. ලොකු පන්ති වල දරුවන් කෙසේ වෙතත් පුංචි පන්ති වල දරුවන් එහිදි මුහුණ දුන්න පුංචි පුංචි අපහසුතා නිසයි මම මුලින් ලිව්වේ සමාජයක එක් අයෙක් මුහුණ දෙන ගැටලුවක් ඒ කෙනාගේ ගැටලුවක් පමණක් නොවන බව..

කෙනෙක් සමාජයක ජීවත් වෙද්දි එක පියවරක් ඉදිරියට තියන්න කලින් ඒ පියවර අවට ඉන්න අයට බලපාන්නේ මොන විදිහට ද කියලා හිතන්න එක විනාඩියක් වෙන් කරන්න පුලුවන් නම්... සමාජයක් ඉදිරියට හෝ පිටුපසට යන්නේ හැම කෙනෙක්ගෙම පිය සටහන් වල එකතුවකින් මිස තනි තනි පියවර වලින් නොවන බව වටහා ගන්න හැකි නම්...


පුංචි පුතේ
පිහි පාරවල් වැදෙද්දි කොයි තරම් රිදුනද
 අහන්න අද ඔයා නැහැ..
මේ සංකීර්ණ මිනිස් ලෝකය, හැම තප්පරේම වෙනස් වෙන මිනිස් මනස තේරුම් කරන්නත් අද ඔයා නැහැ...
(අ)මනුස්ස හිත් වල ඉන්න කලු පාට සතාට බය වෙන්න එපා
 කියන්නත් අද ඔයා නැහැ..
පුංචි පුතේ... ඔයාට දැනුණු වේදනාව
 මට හිතාගන්නවත් බැහැ..
පුංචි ඔයා කොයි තරම් බය වෙන්න ඇති ද කියලා හිතෙද්දි ඇස් වල පිරෙන කඳුලු නවතින්නෙත් නැහැ..
ඒත් අන්තිමේ කිසිම කෙනෙක් වැරදිකාරයෙක් 
වෙන එකකුත් නැහැ...
ඒක තමා පුතේ මේ ලෝකේ හැටි.. 

2 comments:

  1. //කෙනෙක් සමාජයක ජීවත් වෙද්දි එක පියවරක් ඉදිරියට තියන්න කලින් ඒ පියවර අවට ඉන්න අයට බලපාන්නේ මොන විදිහට ද කියලා හිතන්න එක විනාඩියක් වෙන් කරන්න පුලුවන් නම්... සමාජයක් ඉදිරියට හෝ පිටුපසට යන්නේ හැම කෙනෙක්ගෙම පිය සටහන් වල එකතුවකින් මිස තනි තනි පියවර වලින් නොවන බව වටහා ගන්න හැකි නම්...//

    ඉතාම වැදගත් කාරණාවක් ..!

    ReplyDelete
    Replies
    1. ඉතාම ඉක්මනින් අමතක කරන, සමහර විට අපි කොයි කවුරුත්.. ඒ නිසා නැවතිලා ආපස්ස බලන්න ඉඩ හදාගෙන ඉදිරියට යන එකයි කරන්න ඕනේ කියලත් මට හිතෙනවා..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.