ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..
මගේ අම්මගෙයි, පුතාගේ තාත්තගෙයි හැසිරීම් නිසා ඔවුන් දෙදෙනාගෙන්ම මඳක් ඈත් වී (කිසියම් කාලයක් ) ජීවත් වෙන්න මා තීරණය කල විට ඔවුන් දෙදෙනාම විශාල ලෙස මානසික පසු බෑමකට ලක් විය..එය හරිම සාමාන්‍ය දෙයක් (ලෝකයට හොරෙන් අනුන්ගෙන්) යැපෙන අයගේ..
දෙදෙනා මා සමඟ රඟ පෑ චරිත එකිනෙකට වෙනස් නිසා එක් අයෙක් හඬා වැලපෙන විට අනිත් කෙනා ආවේගශීලි විය.. ඒ ක්‍රම දෙකම කලින්ම බලාපොරොත්තු වී සිටි නිසා ඉතා ලෙහෙසියෙන්ම අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඔවුන් මගෙන් යැපීම වලක්වා ගෙන ස්වාධීනව ජීවත් වෙන්න, තමන්ගේ සතුට හොය ගන්න ඉඩ හදලා දෙන්න හැකි උනත් තවමත් ඔවුන්ට ඒ හැකියාව ලැබී නම් නැහැ..එයට මට කල හැකි දේකුත් නැහැ..
ඔවුන්ගේ හැසිරීම් අසාමාන්‍ය බව පිළි නොගන්නා ඔවුන් දෙදෙනාම විස්වාස කලේ මා වෙනත් අරමුණකින් ඔවුන්ගෙන් ඈත් වෙන බවත් මෙතෙක් කල් මා ඔවුන් රවටා ඇති බවත් කියන සැකය මත විවිධ චෝදනා මවෙත එල්ල විය...කාලය ඔවුන්ගේ චෝදනා වලට නිසි පිළිතුරු ලබා දී ඇති නිසා දැන් ඔවුන් නිහඬ වී ඇත..ඔවුන් දෙදෙනා සමඟම මගේ බැඳිම ඇත්තේ හිතේ මිස ඔවුන් හිතන ලෙස කොළ කැබළි වල නොවේ..ඒ බැඳිම් කෙසේ පවත්වාගෙන යනව ද නැද්ද කියන කරුණ තනිකරම මගේ තීරණයක්..
මෙවැනි යාලුවන් ද නැදෑයින් ද මට හමු වී තියන අතර යාලුකම ඔවුන් වටහා ගන්නේ මා ඔවුන්ගේ සදාකාලික යටත් වැසියෙක් සහ උදව්කාරියක් ලෙසයි..කුමක් කලත් එහි අවසන් අරමුණ ඒ අයගේ ජීවන රටාව පවත්වා ගන්න මගේ කාලය යෙදවීම මිස මගේ ජීවිතය මට කැමති අයුරින් සතුටින්, නිදහස්ව සැහැල්ලුවෙන් ගත කිරීම ඔවුන් නොරුස්සයි..ඉඩක් ලද සැණින් වචන වලින් ඒ හැඟිම් පිට වීම නවත්වා ගන්න ඔවුන්ට බැහැ..එවැනි අයගෙන් හඳුනගත් වහාම ඈත් විම දෙපාර්ශවයේම සාමකාමි බව රැක ගන්න ලොකු උදව්වක්..
ප.ලි.: ඔබට ඔබේ ජීවිතය නිදහස් කර ගන්න බැරි කිසිම දෙයක්/ කෙනෙක් නැහැ, ඔබේම හිත හැර..
No comments:
Post a Comment