මගේ අම්මා ඇතුලු සියලු වැඩිහිටියන් තවමත් සිතන්නේ ඔවුන්ගේ සහ පුතුගේ තාත්තාගේ කිසිඳු ප්‍රශ්නයක් නැති බවත් මම තව දුරටත් ඉවසිය යුතු බවත්..ඔවුන් සියලු දෙනාගේ ගැටලු මා විසඳමින් මගේ මුලු ජීවිතයම ජීවත් විය යුතු බවත්..ඔවුන් ස්වාධීනව ඒ ගැටලු වලට කිසිවක් නොකරයි අනුන්ට රිදවීම සහ සැඟවීම හැර.
ඒ වගේම පුතුගේ පියාට බැරි නම් මගේම මල්ලිට හෝ මා යටත්ව ජීවත් විය යුතු බවත්..ඔවුන්ගෙන් කිසියම් උදව්වක් ගන්නවා නම් මම ඔවුන් කියන විදිහට ඉන්න ඕන බවත්.. නිදහස්ව නිවහල්ව ජීවත් වෙන්න ඉඩක් දෙන්න කැමැතිම නැහැ විශේෂයෙන් මගේ අම්මා..පුදුමාකර ලෙස නිදහස් ජීවිතයකට ඇය බයයි..තප්පරයක් නෑර මගේ ජීවිතය මගේ අම්මට වාර්ථා කල යුතුයි පිරිමියෙකුට යටත්ව නැති නම්...
මගෙ අම්මත් නැන්දම්මත්, ඔවුන්ගේ අම්මලාත් තම පවුල් වල පිරිමින්ට මානසිකව ශාරිරිකව කැමැත්තෙන්ම යටත්ව යැපෙමින් තමන්ව ලෝකයෙන් සඟව ගනිමින්, අත් හරිමින් මුලු ජීවිතයම ගත කල අය. ඉන් එහාට තමන්ට තමන්ගේ ජීවිතයක් ඇති බව නොදකින අය...තමන් නිදහස් බව නොදකින අය.
තමන් විසින්ම තමන්ගේ ජීවිතයේ සතුට, සැහැල්ලුව, සහනය අහිමි කර ගන්න, තමන්ගේ ජීවිතය විහින් සිර කර ගන්න ඒ ආකල්ප කවදා වෙනස් වේවි ද..ගැටලුව නැති තැනට නොව ඇති තැනට නිසි පිළියම් කවදා ලැබේවි ද.
මගේ අම්මා ඇතුලු මගේ පවුලේ අයට හරිම අමාරුයි පැහැදිලි කර දෙන්න, ගැහැනියගේ සහ දරුවන්ගේ පැත්තෙන් පහසු නිවැරදි තීරණ ගැනිමේදි එයට එරෙහි වන පිරිමි කෙනෙකුගේ නොගැලපෙන හැසිරිම් වලට කිසිඳු අවදානයක් නොදි ඉදීම, අවශ්‍ය නම් නිතීමය ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව... ඒ වෙනුවට ඔවුන් කියන්නේ සැඟවී 64 මායම් පාවිච්චි කරන ලෙසයි..64 මායම් පාවිච්චි නොකර නිතීමය ක්‍රියාමාර්ග ගැනීම ඔවුන් සලකන්නේ මගේ දුර්වලකමක් ලෙසයි...අපහාසයක් ලෙසයි..
මගේ අම්මා (ඇතුලු සියලුදෙනාම සෑහෙන කලක් මගේ මල්ලි ද) කියන්නේ ඒ නිවැරදි ස්වාධීන තීරණ පසෙකින් තබා මගෙත් දරුවාගෙත් ජිවිත අත් හැර පිරිමියා රැක ගන්නා ලෙසයි..බලා ගන්නා ලෙසයි..නැන්දම්මත් මාමණ්ඩිත් ඒ වගේමයි.. ඔවුන්ගේ ජීවිත ගෙවී ඇත්තේ ද එලෙසින්මයි..(දරුවන්ට ලැබිය යුතු නිසි අවදානය, ආදරය නොලැබීම ඔවුන්ට අනූව වරදක් නොවේ, පිරිමියා රැක ගත්තටම හොඳටම ඇති )
මට නම් තේරෙන්නේ නැහැ ඇත්තටම මේ තරම් මොනව ද පිරිමියාගේ රැක ගන්න තියෙන්නේ..පරිස්සම් කරන්න තියෙන්නේ..මට මතකයි මගේ අම්මා මගේ තාත්තාට එක් විනාඩියක් හෝ තනිව නිදහසේ ගත කරන්න ඉඩ නොදුන්න විදිහ, තාත්තා යන්නේ කොහෙ ද අම්මටත් යන්න ඕන.. ඒ ඇයි..මට නම් එහෙම අවශ්‍යතාවයක් දැනී නැහැ අද වන තුරු..ඒ ආදරය කියා කෙනෙක් කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒ ලෝභය, සැකය, ඉරිසියාව මිස ආදරය නොවේ...
මෙලෙස හිතන මගේ අම්මා සහ අනිකුත් වැඩිහිටියන් මගේ සහ දරුවාගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ නිසා පුතුගේ තාත්තා කිපී හැසිරෙන බවත්, නැත්නම් ඔහු ඉතා හොඳ පිරිමියෙක් බවත්, එය වලකවා ගන්න නම් මම ගන්න තීරණ වහාම නවතා ඔහුව නැළවිය යුතු බව මිස වෙන කිසිම ක්‍රමයක් ඔවුන් දුටුවේ නැහැ.. ඉතින් නීති හදලා මොකට ද..හැම විටම බලෙන්ම ගැහැනිය තමන්ව සහ දරුවන්ව බිල්ලට දෙනවා නම්..
ඉතින් සමාජයක් ඉදිරියට යාවි ද මානසික සහනයක් ලැබේ වි ද....සාධාරණ නිවැරදි බුද්ධිමත් ද්විපාර්ශවීය තීරණ නිදහස්ව අඩුම ගානේ පවුලක් ඇතුලෙවත් ගත හැකි සමාජයක් හැදේවි ද මෙවැනි වැඩිහිටියන් ජීවත් වන පරිසරයක..
සෑම විටම පිරිමියා ගන්නා තීරණ තමයි 100 % ක් හරි, ඉන් එහා නිවැරදි තීරණයක් නැති බව ඇයි ගැහුනුන්ම හිතන්නේ.. ඇයි එකතුමුව තීරණ ගන්න බැරි දෙපසටම සාධාරණ..ඇයි ගැහැනිය තමන්වම එතරම් පහලට ඇද දමා ගන්නේ, අවතක්සේරු කරන්නේ..ඇයි පිරිමියෙකුට ස්වාධීනව වටහ ගන්න ඉඩ නොදෙන්නේ ඔවුන්ගේ තීරණ/හැසිරීම් සෑම විටම නිවැරදි නොවන බව..ඊට වඩා සුදුසු නිවැරදි බුද්ධිමත් තීරණ සාමකාමිව ගත හැකි තරම් ලෝකය විශාල බව
කොහොම ද කොතනදි ද ගැහැනියක්ගේ මනසට මේ අදහස් ඇතුලු කර ඇයගේ මොළය ශෝධනයට ලක් කර යැපෙන්නියක් බවට පත් කර ඇයගේ ජිවිතය ඇගෙන් උදුරා ගෙන සමාජය ඇගේ සාරය උරා බොන්නේ..
No comments:
Post a Comment