අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන
පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම
කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්..
(අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම
මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Thursday, May 3, 2018
Wednesday, May 2, 2018
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා
තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ
නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන
වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන
ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න
ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.