Tuesday, February 14, 2023

ඔබ දැක්කද

Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..

මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..

මේ වගේ තැනකදි දරුවගේ පැත්තෙන් කතාව අහන්න කලින් මේ ගුරුවරු හැමෝම තනියම ඒකපාර්ශවීය නිගමනයට ඇවිත් ඉන්නවා ඔබ දැක්කද මේ දරුවා පාඩම් කරන්නේ නැති වගකීමක් නැති කිසිම බරක් පතලක් හිතන්නේ නැති දෙමාපියන්ට ආදරයක් නැති දෙමාපියන්ගේ වෙහෙස මහන්සිය ගැන කිසිම තැකීමක් නැති හරිම නරක දරුවෙක් කියා.. සෘණාත්මකව තමයි පටන් ගන්නේ..එතන ඉඳලා මේ දරුවට උපදෙස් රාශියක් දීලා දීර්ඝ දේශනයක් කරලා අහනවා ඇයි එහෙම කරන්නේ කියලා..

මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ අහන්නේ අන්තිමටම..ද්විපාර්ශවිය සන්නිවේදනයකට ඉඩ මුලින්ම වසා දමලා තමන්ට පාලනය බලෙන්ම අරගෙන තමයි කතාව පටන් ගන්නේ..

වැඩිහිටියෝ එහෙම නැත්නම් දෙමාපියන් කියන්නේ සර්ව සම්පූර්ණ වැරදි කිසිවක් කරන්නේ නැති පිරිසක්, පවුල කියන්නේ සර්ව සම්පූර්ණ මල් යහනාවක් ලංකාව කියන්නේ සර්ව සම්පූර්ණ ප්‍රශ්න නැති පාරාදිසියක් දරුවෝ තමයි හැම වරදක්ම කරන්නේ කියන තැන ඉඳලා තමයි මේ ගුරුවරු කතාව පටන් ගන්නේ.

ඉන් පස්සේ අර කිසිම දෙයක් නිසා නෙමෙයි දරුවා අතින් මේ අතපසු වීම වෙලා තියෙන්නේ දරුවට පාලනය කරන්න බැරි හේතුවක් නිසා, එක්කෝ අම්මා තාත්තගේ ප්‍රශ්නයක් එක්කො ගෙදර වෙන ප්‍රශ්නයක් කියා දැන ගන්නේ අන්තිමට..

ඒක දැන ගත්තට පස්සෙත් අර මුලින් තමන් දරුවා වැරදිකාරයෙක් කරලා දීර්ඝ දේශනාවක් දුන්නු එක ගැන දරුවගෙන් සමාව ඉල්ලිමක් මේ ගුරුවරු කරන්නේ නැහැ..ඒ තරම් නිහතමානි වෙන්න මේ අයට බැරුව ඇති එහෙම නැත්නම් හිතනවා ඇති වැඩිහිටි අයට එහෙම කතා කරන්න අයිතියක් තියනවා එය වරදක් නෙමෙයි කියා..

එය හීන් සිරුවේ අමතක කරන මේ ගුරුවරු එතනින් පස්සේ හරි සංවේදි චරිතයකට මාරු වෙනවා ක්ශණිකව දරුවගේ හිත හදන්න.. තමන්ගේ හැසිරීම ගැන හිතේ තියන වරදකාරී හැඟිම් වහ ගන්න ..ඒවා video කරලා ප්‍රසිද්දත් කරනවා..බලන්න මම හරිම සංවේදි අගය කල යුතු කෙනෙක්, ඒ දරුවගේ හිත මම හැදුව, හරි පාර පෙනුවා කියා..

ඒ කියන්නේ මේ ප්‍රසිද්ද වෙන ගුරුවරුන්ගේ ලමා මනෝ විද්‍යාව ගැන කිසිම අවබෝධයක් නෑ කියන එක නෙමේද..ඒ වගේ අය ලඟට දරුවන් ඉගෙන ගන්න යවන්න සුදුසු ද..විශය කරුනු දරුවගේ මොළයට ඇතුලු කිරීම විතරද උගන්වනවා කියන්නේ..

අනිත් එක දරුවෙක් අතින් වැරදීම් අතපසුවීම් (mistakes) වෙන එක සමාව දෙන්න බැරි වරදක් හැමවිටම 100% හරි දේම කල යුතුමයි perfect වීම අනිවාර්යයි කියා අසීමාන්තික බයක් ලැජ්ජාවක් දරුවගේ හිතට ඇතුල් කිරීම නිවැරදිද..එවිට දරුවා වැඩිහිටියෙක් වීමේදි වැරදෙනවට බයෙන් අලුත් අත්හදා බැලීම් (healthy risks) නොකර ඉන්න පෙළබනවා නේද..ඒ දරුවගේ විශය දැනුමෙන් වැඩක් තියෙනවද අලුත් දෙයක් නොකරන..එවිට මොකද වෙන්නේ රටකට.. ඉදිරියට යයිද එකම තැන තියේවිද..





ප.ලි. : මගේ පුතුගේ පාසලේ දරුවෙක් අතින් මෙහෙම දෙයක් උනොත් මුලින්ම අහන්නේ ඊයේ ඔයාලගේ ගෙදර මොකද උනේ, ඔයා මොනවද රෑට කෑවේ, හොඳට නිදා ගත්තද ඊයේ රෑ වැනි ප්‍රශ්න..ඒකත් අනිත් දරුවන්ට නොදැනෙන්න..

4 comments:

  1. අපිත් ඒ කාලේ ගුරුවරුන්ගෙන් ගුටි කෑවා. ඒ උනාට අපි මානව හිමිකන් ගියෙත් නැහැ, දෙමාපියනුත් කිව්වේ ගහලා හරි ළමයා හදන්න කියල.

    අන්න ඒ නිසයි අද අපි මේ තැන් වල ඉන්නේ.

    අනික ළමයිට තියෙන්නේ පාඩම් කරන්න. වෙන දේවල් කරන්න නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකගයි කුමාර මහත්තයා.

      අනික නම් තොරතුරු තාක්ෂනය වැනි භයානක දෙයක් පාසල් ළමුන්ට දීමේදී පවා සීමා පැනවීම කල යුතුයි. පසුගිය දිනෙක අපි දැක්කා විභාග දෙපාර්තමේන්තුවේ එම අන්තර්ජාලයට පිවිසුණු කෙනෙක් ඒ සියලුම දත්ත අරගෙන වෙන අන්තර්ජාලයක් හදලයි කියලා.
      මේවා සිල්ලරකාරනා නෙමෙයි. ඒ නිසා රජය විසින් නැවතත් මේ සිදුකර ගෙන යන ඔන්ලයින් අධ්‍යාපනයද මොකක්ද කියන හරුපේ නවත්තලා පොතේ පතේ අධ්‍යාපනයට තැන දිය යුතුයි.

      අනික පාසල් ළමයිට මොකද ජංගම දුරකථන, පරිඝනක? කුණුහරුප බලන්නද? ඕවගේ වෙන දේවල් අපි දන්නවා. යමක් කමක් තේරෙන වැඩිහිටියන් වශයෙන් අප ළමා පරපුර නොමගට යන එක වලක්වා ගැනීමට රජයට බලපෑම් කල යුතුයි.

      විශ්‍රාමලත් පාඨශාලාආචාර්ය ලියනගමගේ මහතා-අගුනකොලපැලැස්ස

      Delete
  2. ඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.