Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

මට තේරුම් ගන්න හරිම අමාරු දෙයක් දික්කසාඳයකදි negotiation and communication අමාරු කර ගන්නේ ඇයි..අමාරු කර ගත්තා කියා නැවත ඒ සම්බන්දය ගොඩ නගන්න බැහැනේ...

දෙදෙනෙක් එකට එකව යන්න ඕන ගමනක් තනියෙන් යන්න හදන එකේ තේරුම මොකද්ද..ඊට වඩා සාමකාමිව කතා බහ කරලා කරන්න තියන වගකීම් යුතුකම් කරලා තවත් කාලය නාස්ති නොකර අලුතෙන් ජීවිතය පටන් නොගෙන තමන්ව තව දුරටත් අවශ්‍ය නැති තැනක රැඳෙන එකේ තේරුම මොකද්ද...යන්න ඕන කෙනාට යන්න දීම ඇරෙන්න අනිත් සියලු හැසිරීම් කාලය කා දැමීමක් තමන්ගේ..




4 comments:

  1. ළමා ලපටීන්, දේපොළ ආදිය බෙදා දෙන්න එපැයි මල්ලි

    ReplyDelete
    Replies
    1. යන කෙනාට යන්න දුන්නට පස්සේ ඒ දේවල් අපහසු නැහැ කරන්න..සාධාරණව සහකම්පනයෙන් මොළෙන් වැඩ කරන්න පුලුවන් හැඟීම් වලට වහල් නොවෙද්දි

      Delete
    2. යන කෙනා දේපල ඉල්ලන ඒකනේ ගැටලුව

      Delete
    3. දෙන එක සාධාරණයි..කිසිම කෙනෙක් මැරෙද්දි දේපල අරන් යන්නේ නෑ. දෙන දේ හිත හොඳින් දීලා හිත නිදහස් කර ගත්තම තමන්ටමයි ලේසී.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.