Friday, September 4, 2020

අංශු...

අංශු, ආදරේට අංශු කිව්වට ඇත්ත නම හිමාංශු,  නමටම හරියන ගතිගුණ තියන පොඩ්ඩක්වත් තරහ නොයන, පහුගිය කාලේ  අහම්බෙන් මට හමු උනු හරි ආදරණීය තමන්ගේ නොවන හීන ගොන්නක්  හිතේ හිර කරගත්  මිතුරෙක්..මිතුරෙක් කිව්වේ මගේ ජීවිතය මගේ පැත්තෙන් හිතන්න පුලුවන් කෙනෙක් නිසයි..අඬන්න හිතුනු වෙලාවට කිසිම ලෝභ කමක් නැතුව උරහිස දුන්න, අවට පරිසරය සීතල වී ගල් උනු  වෙලාවට  ඔහුගේ  උණුසුම් හදවතේ රිද්මය මට අහන්න දුන්න, හමු වෙන හැම දවසකම  නැවුම්  හැඟුම් මහදේ පිර වූ අංශු එතරම් හිත හයිය කෙනෙක් නම් නෙමේ..

ඔහුට විඳින්න අවශ්‍ය ජීවිතය ඔහුගේම දෙමාපියන් සහෝදර සහෝදරියන් ඉදිරියේ වචන වලින් කියන්න හැකියාවක් ඔහු තුල නැහැ..ඒ වෙනුවට මව් රටෙන්  හැකි ඉක්මනින් පිට වන ඔහුගේ හදවත තමන්ගේ මව වෙනුවෙන් හඬා වැටෙයි..ඒ වේදනාව යටපත් කරගෙන  ඔහු උත්සහ කරන්නේ තමන් බලාපොරොත්තු වන ජීවිතයත් හදා ගන්න ගමන්ම දෙමාපියන් බලාපොරොත්තු වන ජීවිතයත් දිනා ගන්න..එකිනෙකට පරස්පර මේ ජීවිත දෙකම කිසිවකුගෙන් නොයැපී එකවර දිනා ගැනීම කොතරම් අපහසු උනත් අත් හරින්න කිසිම බලාපොරොත්තු ඔහුගේ හිතේ නැහැ..

හමු වූ මුල් කාලයේ පටන්ම  තමන් පැටලී ඇති අරගලය අකුරක් නෑර නිදහස්ව මා ඉදිරියේ දිග හැරි ඔහුට, මා පැවසිය යුතු නැහැ අනුන්ගේ හීන පසුපස දිවීම ඉක්මනින් නවතා දැමිය යුතු බව, තමන් පැළඳ සිටින වෙස් මුහුණ ගලවා දමන්න පමා නොවිය යුතු බව..නමුත් තවම එයට සුදුසු කාලය  පැමිණ නැති බව අප දෙදෙනාම දන්න දෙයක් වචන වලින් කිව්වේ නැති උනාට...

ප.ලි.: කෙනෙකුව විනිශ්‍ය කිරීමකින් තොරව නොවෙනස්ව  අහගෙන ඉන්න ඔබට හැකි නම් කිසිවෙකුට  නොකියු කතා  ඔබ ඉදිරියේ දිග හරීන කෙනෙක් දෙවරක් හිතන්නේ නැහැ..

1 comment:

  1. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.