මීට වසර 10කට පමණ පෙර කොළඹින් පිට එක්තරා නැදෑ ගෙදරකදි දුටු දරුවෙකුගේ ඇස් ඉඳහිට මට තවම සිහි වේ..මේ දරුවාගේ මාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්…අපව ඉතා සුහදව සිනා මුසු මුහුණින් පිළිගෙන ගෙතුලට එක්කන් ගිය මේ මාපියන් යුවළගෙන් කෙනෙක් ඇසු විට දරුවා කෝ කියා ලැබුනු උත්තරය "පාඩම් කරනවා"..මේ මා එහි ගිය පළවෙනි වතාව වූ බැවින් දරුවාගේ වයස පිළිබඳ කිසිඳු ඉඟියක් මා දැන සිටියේ නැහැ.. ඉන් පසු ඇසුණූ තොරතුරු වලට අනූව රෝහලෙත් ඉන් පිටතත් මාපියන් දෙදෙනාම සමාජ සේවා වලට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරන්නන්..
තේ බී කෑම වෙලාව වෙද්දි නිවසේ එක් පසෙක විවෘත කාමරයක කුඩා දරුවෙක් බිමට නැමුනු හිසින් යුතුව පොත් පිරුනු මේසයක තනිව ඉඳ ගෙන සිටිනු දකින්න ලැබිනි..මොහොතකින් සියල්ලෝම ඒ කාමයරට එබි බලද්දි හැරි බලන දරුවාගේ බියපත් අවිනිශ්චිත දෙඇස් මා දූටුවේ තරමක් ඈත සිට..
කාලයකින් පැමිණි තමන්ගේ නැදැයින් සමඟ සුහද කතා බහකට පවා නැඟිට ඒමට අවසරයක් නොමැතිව, අන් අයගේ සැහැල්ලු සිනා හඬ මැද්දේ මේ දරුවා තනිව පාඩම් කරමින් සිටියේ ශිශ්‍යත්ව විභාගයට බව වැටහුනු මට දැණුනේ දුකක් ද කලකිරිමක් ද කියා පැහදිලි නැහැ..නමුත් ඈතින් සිටි මගේ ඇස් හා යා වුනු ඒ දරුවාගේ ඇස් කිව්ව නිහඬ කතාව මට ඇහුනේ "අනේ මට බැහැ මේ ඔක්කොම බලාපොරොත්තු කරන්න, මට හරිම මහන්සියි"
ප.ලි.: ඉන් මාස කීපයකට පසු දරුවාගේ ප්‍රතිඵල දැන ගත් විට මගේ පුතාගෙ තාත්තා කිව්වේ " මම හිතුවා ඊට වඩා ලකුණු ගනිවී" කියා
No comments:
Post a Comment