Thursday, June 11, 2020

අන්න ඒ වගේ දවසක් තමයි අද..

පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..

පුතා පිට්ටනිය පුරා ඇවිද්දි එහෙම නැත්නම් (අහම්බෙන් හම්බෙන) යාලුවෝ එක්ක සෙල්ලම් කරද්දි මම ගොඩක් වෙලාවට කරන්නේ පසෙකින් තියන කන්ඳට නඟින එක..හැබැ‍යි මගේ ඇස් පුතු එක්කමයි..මේ කන්ඳට තවත් ලස්සනට අහසේ වෙනස් විම් පේන නිසා ඉර බැහැල නොපෙනී යනකන්ම, කලුවර වැටනෙකන්ම කන්ඳෙන් බිමට නම් මම බහින්නේ නැහැ..

පිට්ටනියේ එහා කෙළවරත් හරිම ලස්සන පරිසරයකට විවෘත වෙලා තියන නිසා සමහර දවස් වලට කන්ඳට නගින්නේ නැතුව අපි පිට්ටනිය මැදින් හරි වටේට හරි ඇවිදගෙන යනව අනිත් පැත්තට..අන්න ඒ වගේ දවසක් තමයි අද..




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.