Saturday, April 11, 2020

තනිකම..

ඊයේ හරිම නිහඬ දවසක්..ඒ වගේම වැහිබර දවසක්..වෙනදට වැල නොකැඩී ඇදෙන වාහන වෙනුවට අද ඇහෙන්නේ පේන්නේ ඉඳහිට යන ට්‍රක් රථ ඇතුලු තවත් වාහන කීපයක් පමණයි..

හැබැ‍යි අපේ ගෙදර නිහඬ නැහැ..වෙනද වගේම ක්‍රියාශීලි,  සාමකාමි දවසක්..මාලු ටැංකිය පිරිසිදු කරන්න කියාපු දවසක්..පුතාගේ යාලුවෙකුගෙන් තෑග්ගක් විදිහට අවුරුදු 3කට විතර කලින්  මේ මාලුවන් අපේ ගෙදරට එද්දි 5දෙනෙක් හිටියට දැන් ඉන්නේ එක් කෙනෙයි..

තනිකම මැකෙන්න අලුත් මාලුවෙක් ගන්න යන්න හිතාගෙන හිටිය දවස් වල තමයි ඒ කඩ තියන හරියෙන් COVID රෝගීන් හමු උනේ..ඉතින් කොහොමද යන්නේ..නොදන්නා කාලෙකට මේ මාලුවට ඉන්න වෙන්නේ තනියම..


ප.ලි.:මාලුවො තෑගි කල යාලුවා අද ඉන්නේ මෙල්බන් නුවර උනාට, හදවත් වල යාලුකම තවමත් ඒ විදිහමයි..හරි ආදරණීය ඒ වගේම දුරදිග බලා  කෙලින් වැඩ කරන  යෙහෙළියෙක් නිශා..ඒ තමයි පුතුගේ යාලුවගේ අම්මගේ නම...

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.