මතක් වෙන හැමදාම මම පහල ගරාජ් එකට යන්නේ දැනට මාස 4ක පමණ කාලයක සිට එක තැන නැවතිලා ඉන්න කාර් එක බහැ දැකල එන්න..දැනටමත් එක සැරයක් battery එක ගොඩ ගන්නම බැරි තැන මාරු කර ඇති නිසා තව සැරයක් එහෙම නොවෙන්න තමයි හිතලම සතියකට කීප සැරයක් යන්නේ…
මෙහෙම යන වෙලාවට පුතත් මාත් එක්ක එනවමයි..ඒ ඇවිත් වෙනදට එයාට තහනම් ඉස්සරහ seat එකේ ඉඳගෙන කරන්නේ අම්මා මෙහෙ ඉන්න කාලේ මල්ලි ගෙනත් දුන්න සිංහල සිංදු CD එකින් එක දාන එක..ඊයේ පුතු තේරුවේ එඩ්වඩ් ජයකොඩි කලාකරුවාගේ CD එකක්..
මෙහෙම විනාඩි කීපයක් සිංදු අහලා ආපහු ගෙදර එන ගමන් එක විශේෂ සිංදුවක් හැමදාම හිතේ රඳවගෙනයි එන්නේ..ගොඩක් වෙලාවට පුතු එහි තේරුමත්, කියන්නේ කවුද කියලත්, ලිව්වේ කවුද කියලත්, සංගීත නිර්මාණය කාගේ ද කියලත් අහනවාමයි…
ඊයේ මේ විදිහට පුතු මතකයේ රඳව ගත්ත ගීතය තමයි මේ..රෑ නිදා ගන්න ගිහින් කියනව , "අම්මේ, මම කවදාවත් එඩ්වඩ් ජයකොඩි දැකලා නැනේ, එයා තමයි මම ආසම සිංහල ගායකයා, මට එයාව බලන්න පුලුවන් ද..එයා තාම ජීවත් වෙනවා ද.."
ඉතින් මන් කිව්වම, අපි ලංකාවට ගිය දවසක ඔයාට එයාව බලන්න පුලුවන්, තව කාටද ඔයා ආස කියා...සුනිල් එදිරිසිංහ , W. D. අමරදේව , සෝමතිකල ජයමහ, ඉන්ද්‍රානි පෙරේරා තමයි උත්තර විදිහට ලැබුනේ...
ඒ අතරින් ඉස්සෙලා අහපු ප්‍රශ්නෙම අහලා අමරදේවයන් දැන් අපි අතර නෑ කිව්වම හරි දුකෙන් තමයි නිදා ගන්න ගියේ..සංගීතය කියන්නේ හරි පුදුම දෙයක්..කවදාවත් දැකල නැති, දකින්න හීනෙන්වත් හිතන්නත් බැරි මිනිසුන් හදවතට ලං කරන...
ප.ලි.: මීට අමතරව එක් එක් අයගේ බාහිර පෙනුම ගැනත් ප්‍රශ්න ගොඩකට මට උත්තර දෙන වෙනවමයි..ඇයි එයාට උඩු රැවුලක් තියෙන්නේ, ඇයි එයාගේ කොණඩේ එහෙම වගේ..
පුංචි අයගේ ලෝකය හරි පුදුමාකාරයි
ReplyDeleteඅනිවාර්යයයෙන්ම...
Deletehttps://thattayagekolama.blogspot.com/2020/04/167.html
ReplyDeleteස්තුතියි..
Delete