Sunday, March 29, 2020

අපේ GP

පහුගිය වසර 8තුල මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් උනත් වෙනස් නොවූ දේවල් ද ඇත.ඉන් එකක් තමයි අපේ GP...2012 වසරේ සිට අද වෙන තුරු ඕනම අවශ්‍යතාවයකට අපි යන්නේ, උපදෙස් විමසන්නේ එකම GP කෙනෙක් ලඟට..වසර 8 ක් තිස්සේ හිමින් හිමින්,  ඒ වගේම හරිම විවෘතව මානුශීයව ගොඩ නැඟුනු මේ සම්බන්දය අද වෙද්දි ඉතාම හොඳ ද්විපාර්ශවීය අවබෝධයක් සහිතව ඉදිරියට යන්නක්..

සියලු රෝග සහ පවුලේ අතීත වර්තමාන විස්තර ඉතා හොඳින්  විස්තරාත්මකව දන්නා මේ GP, එක් එක් පුද්ගලයාගේ පෞර්ශය ද හිමින් සිරූවේ අධ්‍යයනය කරන බවත් මම දන්න දෙයක් අත්දැකීමෙන්ම... මේ නිසා එක් එක් අවස්ථාවලදි  කෙනෙකුට ගැලපෙනම සාර්ථකම  උපදෙස් දෙන්න මේ GPට හැකියාව ලැබි ඇති බවයි මට හිතෙන්නේ..

ප.ලි.:හැබැයි ඉතින් සමහර අය ඉන්නවා තමන් GPටත් වඩා දන්න බව හිතන..සමහර වෙලාවට කෙනෙක් මුණ ගැසුනු පළමු දිනම පැහැදිලි හේතුවක් නැතුවම ඒ කෙනාට අකමැත්තක්,අපහසුවක් දැනීම සාමාන්‍ය දෙයක්..මේ GP ගැන හමු වූ පළමු දින සිටම එසේ නොදැනීම වාසනාවක් කියලයි මට හිතෙන්නේ ආපසු හැරි බලද්දි,වසර 8ක් තිස්සේ මඟ පෙන්වු  අයුරු  දිහා...


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.