Saturday, March 28, 2020

වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම්

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන  නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්.. 
සරත් කාලයේ උදෑසන ඉතා සීතලෙන් ආරම්භ වන දවසක්, දහවල් වන විට ඉතා උණුසුම් වීමද හවස් වන විට නැවත ඉතා   සීතල වීම ද ඊලඟ දිනයේ උදෑසන ඉතා උණුසුම් වීම ද දහවල් වන විට වැහිබර වීම ද නැවත හවස් වන විට කිසිවක් නොවූ අයුරින් පැහැදිලි කාලගුණයක් සහිත වීම ද සාමාන්‍ය සිදුවීමක්..


හැබැයි මිනිස් ශරීරය මේ සාමාන්‍ය තත්වයට ප්‍රතිචාර දක්වන විදිහ නම් කෙනාගෙන් කෙනාට හරිම වෙනස්..ඒ නිසා තමන්ගේ ශරිරය ගැන තමන්ට තියන අවබෝධය හරිම වැදගත්..  කුඩා දරුවන්ගේ නම් දෙමාපියන් වැඩිහිටියන්ට තමයි ඒ වගකීම පැවරෙන්නේ..එහිදීත් එක් එක් සංස්කෘතීන් වල මින්සුන් මේ එකම කාලගුණික වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදි වලට..

ඉතින් පහුගිය මාර්තු මස 11 වන දින සුපුරුදු පරිදි පුතුගේ පාසලේ, පාසල් කාලයෙන් පසුව පැවැත්වුනු පාපන්දු පුහුණුවීම් අවසන් වන විට කාලගුණය තරමක් සීසිල් වෙමින් පැවතුනත්, එදා උදෑසන සහ දහවල උණුසුම් දිනක් වූ නිසා පුතු ඇඳගෙන හිටියේ  සීතලට සුදුසු ඇඳුම් නෙමේ...එය හරිම සාමාන්ය දෙයක් මේ සරත් සමයේ..(එහි අනිත් පැත්තත් හරිම සාමාන්‍ය දෙයක්, ඒ කිව්වේ ඉතා උණුසුම් වෙලාවක සීත ඇඳුම් ඇඳගත් දරුවන් දකින්න පුලුවන්)


එදින රාත්‍රියේ එක දිගට කිසිසුම් යාමත් මඳක් ඇඟ රස්නි ගතියකුත් දැනුන නිසා පුතුගේ ශරීර උශ්ණත්වය පරික්ෂා කල මා පැනඩොල් නියමිත ප්රමාණය ද asthma preventer puff එක ද  දී වහාම emergency ambulance call  කලේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මිස මේ තත්වය අසාමාන්‍ය නිසා නොවේ..

සුපුරුදු පරිදි ඉතා සංයමයෙන්  දෙපාර්ශවයෙන්ම කරුණු හුරවමාරු වූ පසු විනාඩි 10ක් ඇතුලත paramedics අපේ නිවසට එන විට වෙලාව රාත්‍රි11යි..පෙර අත්දැකීම් නිසා කිසිම කලබල වීමකින් තොරව ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ දෙන්න අප දැන් හුරු වී ඇති බැවින් කෙලින්ම නිදන කාමරයට පැමිණි ඔවුන් දෙදෙනා විහිළු තහලු කරමින් කල යුතු සියලු ප්රශ්න කිරීම් සහ පරික්ෂණ සිදු කර අවසානයේ පැවසුවේ, මා දැනටමත් කල යුතු සුදුසුම දේ කල ඇති බවත් ඉන් එහාට මේ වෙලාවේ  කිසිවක් කල යුතු බව නොපෙනෙන බවත්, කල  යුතු එකම දේ සැහැල්ලුවෙන් අසනීපය සනීප වන තුරු  නිවසට වී විවේකයෙන් සීටිම බවත්..

ඉතින් ඉන් පසු දින පහක් (පහෙන් දෙකක් සෙනසුරාදා සහ ඉරිදා ) පුතුව මා පාසල් යැව්වේ නැහැ..මේ සෑම සරත් සමයකම මගේ සුපුරුදු තේරීම..2020 COVID pandemic  නිසා කල එකම වෙනස emergency call  කල එක විතරයි රෑ කාලයේ  උණ ආ නිසා..ඉන් දින කිහිපයට පසුව තැපෑලෙන් ආ, මා ලබා ගත් සේවයට ගෙවිය යුතු මේ බිල නොගෙවා ඉන්න කිසිම අදහසක් නැහැ මගේ..හදිසි අවස්ථාවක ඔබ කිසියම් සේවයක් ලබා ගන්නවා වගේම ඒ හදිසි අවස්ථාව පහව ගිය පසු ඔබෙන් විය යුතු වගකීම් පැහැර හැරීම  සුදුසු නැති බව කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව මට වැටහෙන නිසයි ඒ..


ඒ වගේම කෙනෙකුට මේ බිල එකවර  ගෙවන්න අපහසු නම් එයටත් විසඳුම් ඇති බවත් මේ බිලේම සඳහන්.. වෙන්න ඕන ඔබ අවංක වීම පමණයි pandemic තිබුනත් නැතත්......


ප.ලි.: මේ සිදුවීමෙන් පසු රජයෙන් පාසල් විවෘත කර තිබුනත් හැකි නම්  දෙමාපියන්ට දරුවන් නිවසේ තබා ගන්න උන්නදු කල නිසා එතනින් එහාට පුතු පාසල් ගියේ නැහැ...පාසැල නැතුවම බැරි අයට ඉඩ දෙන්න ඕන නිසා..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.