ඉඳ හිට තනි අතින් බඩු මල්ලකුත් අරන් හීන් පොඳ වැස්සේ පාරේ යන වයසක සීයා කෙනෙක්ව ජනේලයෙන් දකිද්දි මතක් වෙන්නේ මගේ තාත්තා..අද හිටියා නම්..
මගේ තාත්තව පවුලේ අය දන්නේ පුතෙක්, සහෝදරයෙක්, සැමියෙක් වැනි චරිත වලින් ඔහු හා ගනුදෙනු කිරීමෙන්..පවුලෙන් පිට ගොඩක් අය තාත්තව දන්නේ ගුරුවරයෙක් විදිහට..තවමත් මට වෙලාවකට ලැබෙනවා fb messages "ඔයා අබේවර්ධන සර්ගේ දුව ද" කියා අහන..එහෙම අහන අය අනිවාර්‍යයෙන්ම (කටකාර දඟකාර ) මාව සීත කඳුකරයේ එක් වරක් හරි දැකපු අය..මොකද තාත්තගේ කොළඹ ගුරු ජීවිතයේ පාසල මට හරිම දුරයි ගතින් වගේම හදවතිනුත්..
දුවෙක් විදිහට මට දැනුනු මගේ තාත්තා, හදවතින් ඉතා කාරුණික, අනුන් වෙනුවෙන් කල හැකි සියලු කැප කිරීම් තමන්ව දෙවැනි තැනට දමා වචනයක්වත් නොකියා කරන, ඒ කැප වීම් වලට ආපස්සට තාත්තට ලැබිය යුතු ආදරය තේරුම් ගැනීමවත් නොලැබෙද්දි, අත් නොහැර ජීවිතය දිහා ඉතා උපේක්ෂාවෙන් බලන්න හුරු වූ ඉතා ආදරණීය මිනිසෙක්...
You remind of my father...........
ReplyDeleteHappy to hear...:)
Delete