මිනිසුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති වන විවිධ සබඳතා වලදි එක්
එක් අයගෙන් තමන්ට වගේම අනුන්ට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද, නොවිය හැක්කේ
මොනවාද යන්න අවම කාලයකින් වටහා ගැනීම බොහෝ වැරදි වටහා ගැනීම් වලින් වාද
විවාද වලින් අපව ඈත් කරන හේතුවක් ලෙස මම දකිමි.
ගැටලුව මතු වෙන්නේ
මේ දැනට තියන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඉඩක් වෙන් වී නැහැ මිනිසුන් "තේරුම්
ගැනීමේ" ක්‍රියාවලිය දරුවෙකුට කියා දෙන්න කියා මට සිතේ..අඩුම ගානේ
තමන්වවත් තේරුම් ගන්න දරුවෙකුට කියා දෙනවද..මේ වෙද්දි දරුවෙක් තමන් ගැන මිනිස්සු ගැන දෙයක් හරියට තේරුම් ගන්නේ (අවිධිමත්) වැරදීම් වලින් පමණි..ඊට කලින් ඇයි අපිට බැරි (විධිමත්) විදිහක් හදන්න..
මිනිසුන්ගෙ හැකියාව/නොහැකියාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වූ කල
පිළිතුරු ලඟම තිබුනද ක්‍රියාත්මක කරන්න කෙනෙක් නොපෙළබෙන්නේ තට්ටු කරන්නාට
දොර ඇරේ න්‍යාය අකුරටම ක්‍රියාත්මක කරන්න යාම නිසා කියා මට සිතේ අනවබෝධය
නිසා..දැනුමින් කොතරම් පිරුනු පුද්ගලයෙක් උනත් මිනිසුන් සමඟ වැඩ කිරිමේදි
මතු වෙන ප්‍රායෝගික ගැටලු වලදි හැසිරෙන ආකාරයෙන්ම ඔබට මෙය පැහැදිලි වනු
ඇතැයි මට සිතේ..
ගැටලුවකදි අවට සිටින අයට නොතේරෙන එහෙත් නිවැරදි
විසඳුම් වලට යන්නාට ලෝබ නැතුව ප්‍රහාර එල්ල කරන මිනිසුන් නම් ඔබට කිසිඳු
අපහසුවකින් තොරව සොයා ගත හැකි වනු ඇත.මට නම් හිතෙන්නේ අධ්‍යාපන
ක්‍රමය ඇතුලට මිනිසුන්ගේ ඇතුලාන්තය වටහා ගැනීමේ ක්‍රමවේද ඇතුල් නොකර
උගතුන් බිහි කිරීමේ කිසිඳු ඵලක් නැත කියායි..මොකද ඒ උගන්වන දැනුම මෙහෙයවා
කවදා හෝ වැඩ කරන්න වෙන්නේ මිනිසුන් සමඟ මිස මාලුවන් සමඟ නොවන බැවින්.
ඒ මුලීක පදනම අමතක කර යන තුරු මිනිසුන් අතර පැන නඟින කිසිම තේරුමක් නැති ගැටලු වල නම් අඩුවක් නොවනු ඇත කිසිම දිනක..
No comments:
Post a Comment