මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම් ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ක්‍රමය ප්‍රායෝගිකව වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ හැමදාම..
මට හීනයක් තිබුනා පුංචි කාලේ මගේ අම්මගේ මනස සැහැල්ලු කරන ක්‍රමයක් හොයා ගන්න ඇය ජීවිතය විඳවන විදිහ දකිද්දි ඇගේම මනසේ හොල්මන් කරන හැඟිම් නිසා..(ඇයට ජීවිතේ මහ ලොකු ප්‍රශ්න තිබුනේ නැහැ, ඇයගෙම මනස පුංචි පුංචි දේවල් ලොකු කරගෙන මිසක්..ඒ වගේම ඇය හැකියා වලින් පිරිණු කෙනෙක් උනත් ඒ හැකියා වලින් ඇය ඇයට වැඩක් ගත්තාද කියන එක නම් සැකයක් උනත් අනුන්ට නම් ඇය නොකල දෙයක් නැහැ කියා ද මට සිතේ) ඒත් ලොකු වෙද්දි දැනුම එකතු වෙද්දි තමන්ගේ මනස අයිති තමන්ටම නිසා ඒ දේ මට කරන්න බැරි හීනයක් පමණක්ම බව තේරුම් ගැනීම එක්කම මිනිස් වර්ගයාට (හෝ ඕනම ජීවියෙකුට) සිදුවන කිසියම් අසාධාරණයකදි තමන්ගේ වාසියට නිහඬ වන්නා තරම් අපරාධකරුවෙක් කුහකයෙක් වගේම නිවටයෙක් මොළොව නැත කියාත් වටහා ගන්න පුලුවන් වීම මගේ ජීවිතය වෙනස්ම මාවතක ගමන් කරන්න හේතුවක් උනාට ඒ කවදා කොතනදි කොහොමද කියලා නම් කියන්න මම දන්නේ නැහැ..
උපතින්
ඇරඹි මරණින් කෙලවර වන මේ කෙටි ජීවිතය විඳින්න, අවට පරිසරයේ පියකරු බව එහි
බිහිසුණුකම අතරින් දකින්න, නිදහසේ සැහැල්ලුවෙන් කාලය ගෙවන්න නම් අපේ මනස
නිරෝගී වෙන්නම ඕන..නැත්නම්
මොන දේ ලැබුනත් ජීවිතය කියන්නේ කටුක අමිහිරි වගේම වෙහෙසකර දෙයක් බව දැනෙන
මිනිසුන් අනුන් රිදවා සතුටු වීම මිස කිසි දිනක ජීවිතය නොවිඳිනු ඇත.. දැන්
නම් එසේ අනුන් රිදවා තමන් සතුටු වීම සම්මත ජීවන රටාවක් වී ඇතැයි ද මට විටෙක
සිතේ..
ලිපිය රසවත් උනත් ඔබගේ මාතෘකාව දැක්කම නොබල දුවන්නමයි හිතෙන්නේ. තවත් අට්‍රැක්ටිව් විදියට හෙඩින් දමන්න. ජය
ReplyDeleteඑහෙමද දේශක, අනේ වෙලාවක් තිබ්බේ නැහැ මාතෘකාව ගැන වැඩිය හිතන්න..ඉන්න මන් බලන්නම් හිතලා වෙලාවක් ලැබුන ගමන් :)
Deleteඔන්න වෙනස් කලා..
Delete