දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල
සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා
කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු
සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි..
ඉපදුනු ගමන් දරු පැටව් දාලා යන මව්වරුන් උනු ගැහැනිය ගැන පන්න පන්න කතා
කරන තරම් මේ වගේ පියවරු යන නාමයට තරම් නොවන හැසිරීම් පෙන්වන පිරිමි ගැන
බොහෝ සමාජ කතා නොකරන්නේ ඇයි..
නැත්නම් පිරිමිකම යනු ඕන දෙයක් කිරීමට
දී ඇති නිදහස බව සමාජ ආකල්ප ගොඩ නඟා ඇති නිසා ද...තමන් ආදරය කරන ගැහනියගෙන් තම අවශ්‍යතා කර ගන්න වගේම පළි ගන්න තම ලෙයින් උපන් දරුවන් ඉත්තන් කරගන්න පිරිමි කොතෙක් ද මේ සමාජයේ..ඒ නිසාම බැඳ ගත්ත බෙරේ ගහන මවුවරු කොතෙක්ද..ඒ පවුල් වල දරුවන්ගේ මානසික මට්ටම ගැන කතා කරනවද කවුරු හෝ..මම නම් දකින්නේ වෙන් වී යන පවුල් වලටත් වඩා මේ වගේ එකට ඉන්න පවුලක දරුවන්ගේ මනසට වෙන හානිය වැඩියි...
පිරිමි හදවතක ලයාන්විත
ආදරණීය බව උපතින්ම නැති ද..නැතිනම් සමාජයෙන් බලෙන් නැති කරනවද වයසින්
වැඩෙද්දි... එසේ ගල් වගේ
පිරිමි හැසිරීම අසාමාන්‍ය දෙයක් නොවන නිසාද ඒ ගැන කතා නොකරන්නේ.. ඇයි මේ
ලොකේ හැම අතින්ම යමක් හිමි වීමට නුසුදුසු අයට හිමි වෙන්නෙත් හැම අතින්ම
සුදුසු අයට අහිමි වෙන්නේත්..
මේ අදහස් ටික ලියවුනේ පහත ගීය අහම්බෙන් ඇහුනු එක් රැයක...
පලි.: ගැහැණියක් වී ඉපදීම ගැන මට දැනෙන ආඩම්බරය දවසින් දවස වැඩි වන බව නම්
නොකියාම බැහැ ඉතින්...මේ ගීය ගයන රඟන "ඇය" ගැනත් දැනෙන්නේ එහෙමයි මට
නම්....ඒ "ඇය" ශක්තිමත් වගේම ආදරණීය නිසයි නොසැංඟි දැනෙන්න එළිපිට...
No comments:
Post a Comment