Wednesday, October 4, 2017

රෝස මලක සුවඳ දෙන සුන්දර දසුන් මවන්නෝ...

කලාකරුවෙක් නිර්මාණයක් කරන්නේ රෝස මල් යහනාවක ගිහින් නෙමේනේ.. කරන නිර්මාණය ලස්සන රෝස මලක සුවඳ දෙන සුන්දර දසුනක් උනාට රෝස පඳුරේ තියෙන්නේ කටු.. ඒ කටු අස්සෙන් ගිහින්  තමන්ව රිදවගෙන තමයි අනිත් අයට නොරිදෙන්න රෝස මලක සුවඳ දෙන නිර්මාණ හදන්නේ.. ඉතින් එක දවසක් හරි එක කලාකරුවෙකුගේ හරි නිර්මාණයක් රසවින්ඳා නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න පුරුදු වෙන්න..ඒ හැම කලාකරුවෙක්ම තවත් එක මිනිස් ජීවියෙක් මිසක් දෙවිවරුවත් රහත් උනු මුනිවරුවත් නොවන නිසා....


තමන්ගෙම හැඟිම් එක්ක රඟපාන එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ.. ඒ ඒ චරිතයට අඳාල හැඟිම් තමන්ගෙම හිතෙන් හොයාගෙන රඟපාලා ආපහු තමන්ගේ හැඟිම් එක්ක ජීවිතේට මුහුණ දෙනකොට හිතපු නැති අවස්ථාවන්ට මුහුණ දෙන්න ඉඩ තියනවා ඕනම කෙනෙකුට.. 

ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට විඳින්න ලඟා වෙන්න නොහැකි බොහෝ දේ කලාකරුවෙකුට විඳින්න පුලුවන්  නිසාම ද මන්දා බොහෝ අයගේ යටි  හිත් වල  ඔවුන් ගැන තරහක් කුමන හෝ අයුරකින් මතු වෙන්නෙ, පිට වෙන්නේ අවස්ථානූකුලව හේතු විමසා බැලිමකින් තොරවම.. .. සමහර අයගේ මනස  වැඩ කරන්නේ හිත් වල හංගන් ඉන්න ඉරිසියාව තරහ තමන්ට නොලැබුනු දේ අනිත් අයට ලැබෙනවට තියන අකමැත්ත හොඳට පේන විදිහට කියලා පිටත ඉඳන් බලද්දි වටහා ගන්න පුලුවන්.. 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.