Monday, October 2, 2017

දරුවන්ට නිතර හුරු කරන්න.....




දරුවන්ට නිතර හුරු කරන්න අත් හරින්න කලබල නොවී ,

දන් දෙන්න ප්ලැන් කරලා සල්ලි තියන වෙලාවට නෙමේ කෙනෙකුගේ අවශ්‍යතාවයක් දැක්ක වෙලාවකට,

තමන්ගේ කාලය ශ්‍රමය අනිත් අය වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්න,

තමන්ගේ සිතුවිලි හැඟිම් තමන් තුල සිර නොවී පිට කරන්න කාටවත් කරදරයක් හිරිහැරයක් නැති විදිහකට,


තමන්ගේ ජීවිතය හරවත් දෙයකට යොදවන්න..වෙනස් කරන්න බැරි දේවල් දිහා වෙනස්ව බලන්න පුලුවන් නම්‍යශීලි මනසක් හදා ගන්න, 

තමන්ගේ හිතට දැනෙන සෘනාත්මක හැඟිම් වලට තමන්ව යටපත් කරන්න ඉඩ නොදී ඉන්න විදිහ,

තනි වුනු වෙලාවට තමන් එක්ක තනිව සුහදව ගනුදෙනු කරන්න , පරිසරයට ආදරය කරන්න රැක ගන්න,

නරක යාලුවෝ අතරේ උනත් හොඳ පුරුදු තියාගන්න විදිහ,

මුදල් නිසියාකාරව පරිහරණය කරන ආකරය තමන්ගේ හිතට වහල් නොවී,

හිමින් හිමින් ජීවිතයේ අනියත බව වටහාගන්න,

බැඳිම් එක්ක හිත් නොරිදවාගෙන ගනුදෙනු කරන්න නිතර හුරු කරන්න...




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.