Monday, August 28, 2017

ඔබේ හැඟිම් වලට වහල් වීමට තප්පරයකට පෙර.....


අප ජීවත් වන  සමාජය හරිම පුදුම සහගතය.. පන්සල් හා බැඳි නොයෙකුත් දාන මාන  ධර්ම දේශනා පින් කම් නිමක් නැතිව කරනා මේ සමාජය ජීවිතය දුකක් බව ඒ දුකින් මිදීමට පින් රැස් කල යුතු බවත් පවින් මිදිය යුතු බවත් නිතර දෙවේලේ පවසයි... ඒ පවසන සමාජයේම ජීවත් වන වැඩිහිටියන් තමන්ගේ හැඟිම් වලට වහල් වී කසාඳ බැඳ නව ජීවයන්  බිහි කරයි. ඉන් පසු ඒ නව ජීවිත ද ඒ මාර්ගයේම දක්කා ගෙන යාමට දිවි පරදුවට තබා වෙහෙසේ....

Thursday, August 24, 2017

නීතිය තියෙන්නේ .......


1.  කටුකුරුන්ද සණස සභාපතිනියට හා ඇයගේ පස්‌ හැවිරිදි දරුවාට ඇසිඩ් ගැසූ හිටපු සභාපතිනිය රිමාන්ඩ්.


2. නීතිඥවරු විශාල පිරිසක්‌ සැකකාරියට ඇප ලබාදෙන ලෙස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

3.  ඇයි ඒ ?

නීතිය තියෙන්නේ නිවැරදිකරු රකින්න ද වැරදිකරු රකින්න ද නැත්නම් මුදල් ගනුදෙනු කරන්න ද  ?








ප. ලි: තමන්ට දෙයක් නොලැබුනාම තමන්ගෙම දරුවටත් ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නොවේ යැයි මට සිතේ...

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.