වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන
පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන
දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත්
එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි
කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ
නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි සුරංගනාවියගේ කකුල් දෙකම හරියට වැඩ කරන්නේ
නහැ..තියන හැම පියවර කීපයකටම සැරයක් ඇය බිම වැටෙනවා, හැබැයි ආපහු නැඟිටින්නේ හරිම ලස්සන හිනාවක් එක්ක. ඒ නිසාමයි මට එයාව හොඳට මතක හිටියේ.. කොහොම උනත් ඇය ලඟට ගිහින් මම කතා කලේ නැහැ,
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Wednesday, November 21, 2018
Monday, November 19, 2018
හීන..
හීන කියන්නෙ එක්කෝ මෙතෙක් ජිවිතේ අත් විඳලා නැති දේවල් එක්කෝ අත් විඳලා මඟ හරුනු දේවල්..අන්න එහෙම අත් විඳලා මඟ හැරුනු හීනයක් ගැන තමයි අද මම ලියන්නේ..මම දන්නවා මේ හීනේට ආපහු තව සෑහෙන කාලෙකට මට ලං වෙන්නවත් බැරි බව..
Thursday, November 15, 2018
I am feeling so proud..
ආදරයෙන්
සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන් විඳිමින් හිමින් ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I
am feeling proud කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින
දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා
විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ
හීන තමන් වෙහෙසි ලබා දීම ගැන
අනුන්
තමන්ට ස්තුති කල යුතු බව වත් වටහා ගන්න ඔවුනේ මනස නිරවුල් නැහැ..
Wednesday, November 14, 2018
ඇත්තද බොරු ද...
අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්රශ්න කරන්න ඉඩ නොදෙන
කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ
සතුයි..
Saturday, November 10, 2018
හිත ඇත්නම් පත කුඩා ද

Friday, November 9, 2018
මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...
ඔබට
මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත අලවා
තබන්න භාවිතා කරන (එක්) ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම
දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම්
වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ
තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන
වෙනම කතා කරන්න ඕන)
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.