Thursday, March 30, 2017

දරුවන් වෙනුවෙන් ඔබට රඟපෑ හැකි චරිත පහක්....

අද මම ලියන්න යන්නේ ඔබට ඔබේ දරුවන් සමඟ රඟපාන්න පුලුවන් චරිත පහක් ගැන. මේ ලිපිය "දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර" නමින් ලියූ ලිපිය සමඟ බැඳෙන අතර මේ චරිත 5 ගැන ලියන්න හේතුව තමයි ඔබ ඔබේ දරුවා සමඟ හැසිරෙන විදිහ ඔබෙත් දරුවගෙත් පෞර්ශය තීරණය කරන ප්‍රධාන සාධකයක් වීම.  ඔබත් දරුවත් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්න ආකාරය මේ චරිත 5 ඇතුලේ රඟදක්වන්න හදාගන්න පුලුවන් නම් දරුවන්ට හරිම ලේසියි ඉගෙන ගන්න ජීවිතය.  ඒ වගේම ඔබටත් විශාල පහසුවක් දැනේවී දරුවන් සමඟ වැඩ කරන්න අනවශ්‍ය විදිහට පීඩනයට පත් නොවි.

හොඳින් මතක තියාගන්න ඕන මේ චරිත 5 රඟපාන විට ඔබ මතු කරගන්න උත්සහ කරන්න ඕන ඔබේ දරුවට උපතින් හිමි පෞර්ශය මිසක් ඔබට අවශ්‍ය පෞර්ශය නොවන බව.  මොකද කිසිම කෙනෙකුට තමන් නොවන කෙනෙකු ලෙස ජීවිතය පටන් අරන් සාර්ථකව තෘප්තිමත්ව වෙහෙස දැනෙන  මේ ජීවිත ගමනේ සැහැල්ලුවෙන් යා නොහැකි නිසා.  


The "Helper/Teacher" Role -  උදව්කරුගේ චරිතය


ඔබේ ආදරණීය පුංචි පැංචි පැංචියන්ට තාම හරියටම තේරුම් ගන්න අමාරුයි කොහොමද එයාලා අවට තියන දේවල් එක්ක සුහදව තමන්ට ඕන දේවල් කරගන්නේ කියන එක සහ කොහොමද අනිත් එක්ක තමන්ගේ අදහස් ගැටලුවකින් තොරව හුවමාරු කරගන්නේ කියන එක. ඉතින් උදව් ඕන වෙන එක අහන්නත් දෙයක් ද... මේ විදිහට උදව් දුන්නොත් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා  බොහෝ දේ ඔබව පුදුමයට පත් කරමින් කරන්න අවස්ථාවන් ලැබේවි දරුවන්ට.

අපි දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර ලිපියේදි කතා කල "තමන්ගේම පිළිවෙලට තනියෙන් දෙයක් කිරීම" කියන අවස්ථාවේ ඉන්න දරුවෙකුට මෙන්න මේ උදව් කරුවෙක් විදිහට ඔබ කරන රඟපෑම ඉතාම වැදගත් සහ උදව්වක් වෙන්නේ තාමත් තමන් කරන්න ඕන මොනවද   නැත්තේ මොනවද කියලත් ඔබ දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලත් වැටහෙන්නේ නැති නිසයි.  මේ ලොකේ මොන දේ කරන්න ගියත් තියනවනේ නිතී රීති.. ඉතින් මේ චරිතය ඇතුලෙත් ඔබට තියනවා නිතී පිළිපැදිය යුතු සාර්ථක වෙන්න නම් ඔබේ රඟපෑම.


උදව්කරුගේ නීතිය - එක් වරක් කියන්න, ඉවසීමෙන් ඉන්න. ඉන් පසුව නැවත කියන්න, අවශ්‍ය උදව් එකතු කරමින්.


මේ නීතිය භාවිතා කරමින් දරුවා සමඟ ඔබ කාලය හරහා  ගමන් කරද්දි ඔබට හඳුනාගන්න පහසු වේවි ඔබ උදව්කරුගේ චරිතය රඟපාන්න ඕන අවස්ථාවන් සහ ඔබ දරුවට කරන්න ඕන උදව් මොනවද කියලත්.. ජීවිතේ කලබලකාරී රටාවකට ගෙවමින් මේ නීතිය පිළිපදිමින් සැහැල්ලුවෙන්  මේ චරිතය රඟපාන්න නම් අමාරුයි කියන එක ඔබට වැටහේවි මම හිතන්නේ...ඉතින් සරල කරගන්න ජීවන රටාව.


The "Do Not Disturb" Role -  බාධා නොකරන්නාගේ චරිතය

මෙන්න මේ චරිතය නම් හරිම අමාරුයි අම්මා කෙනෙකුට රඟපාන්න දරුවන්ට පණ වගේ ආදරය කරන.  ඒත් ඉතින් ආදරයේදි අපේ හිත් බොළඳ උනාට ජීවිතේ කියන්නේ බොළඳ හිතක් එක්ක සාර්ථකව යන්න පුලුවන් ගමනක් නෙමේ කියන එක මේ චරිතය රඟපාන්න වෙන තැන් වලදි අම්මා කෙනෙක් මතක තියාගත්තොත් දරුවෙකුට බොහෝ දේ දායාද කරන්න පුලුවන් ඇයගේ ජිවිත ගමනෙන් එකතු වුනු... මම එහෙම අම්මලාටම කිව්වට සමහර තාත්තලාටත් ඒ කතාව අඳාලයි. ( චරිත ලක්ෂණ ලිංග බේධය නැතුව දකින එක තමයි හරිම දේ කියලයි මට නම් හිතෙන්නෙම )


සාමාන්‍යයෙන් දරුවෙක් ඔබත් එක්ක සබඳකම් පවත්වන්න එතරම් කැමැත්තක් නැත්නම් හෝ ඔබේ අවධානය ලබා ගන්න උත්සහ කරන්නේ කලාතුරකින් නම් කියන්න පෙළබෙන්න පුලුවන් කෙනෙක් ඒ දරුවා තමන්ගේ ස්වාධීනත්වය පෙන්වන විදිහ කියලා... කොහොම නමුත් හැම දරුවෙක්ටම තමන්ගෙම වෙලාවක් අවශ්‍ය වුනාට දරුවෙක් ඉගෙන ගන්න ඕන කොහොමද තමන්ට කරගන්න බැරි දෙයක් වෙන කෙනෙක් එක්ක සුහදව එකතු වෙලා කරගන්නේ කියන කාරණය.  මෙන්න මේ වගේ වෙලාවල් වලදි දරුවට බාධාවක් නොවන විදිහට කොහොමද ඔබ  දරුවත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක තමයි මේ කියන්නේ..

අපි හිතමු දරුවෙක් තනියම රූපවාහිනිය නරඹනවා කියලා.. ඔබට පුලුවන් දරුවට බාධාවක් නොවෙන්න පැත්තකින් ඉඳගෙන ඉන්න..වෙලාවක් එවී දරුවත් ඔබත් එකතු වෙන ඉබේම. ඉබේම දරුවා වටහාගනීවි තනියම ඉන්නවට වඩා කොයි තරම් සතුටක් ද කියන එක තවත් කෙනෙක් එක්ක තමන්ගේ අදහස් හුවමාරු කර ගන්න එක.. මෙන්න මේ සතුට දරුවට හොඳට දැනුනට පස්සේ උත්සහ කරන්න ඔබේ දරුවගේ වයසට අඳාලව ඔබ එදිනෙදා කරන වැඩ දරුවත් සමඟ කරන්න. උදාහරණයකට අවුරුදු 3ක දරුවෙක් එක්ක ඔබට පුලුවන් කඩේ ගිහින් ඇවිත් ගෙනාපු දේවල් නිසි තැන් වල අසුරන්න දරුවත් හවුල් කරගන්න. නිර්මාණශිලී කෙනෙක් නම් ඔබ මේ හොඳම වෙලාවක් සතුට පිරුනු ප්‍රිතීමත් පරිසරයක් දරුවත් ඔබත් වටා හදාගන්න.


The "Mover" Role -  සෙමින් පියවර තබන්නාගේ චරිතය

ඈත අතීතයේ ඉඳලා අද වෙනතුරු මිනිසුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කරන්නේකුට පැහැදිලිව පෙනෙන දෙයක් නම් අද වන විට ජීවිතය යනු ඔරලෝසු කටුවත් සමඟ කරන තරඟයක් බව.. හැමදෙනාම නෙමේ, බහුතරයක්.. එවැනි තරඟකාරී ජීවන රටාවක් බිහි වුයේ කෙසේද කියා පසුවට කතා කරමු. දැන් බලමු මේ චරිතය මොකක්ද කරන්නේ කියලා අපිට.

ඔබ උදෑසන අවදි වු වු තැන පටන් රෑ නින්දට යන තුරු  කරන්න තියන වැඩ සහ ඔරලෝසුව අතර ගැටුම අවම කරගන්න තමයි මේ කියන්නේ ඔබේ දරුවන් වයසින් වැඩෙද්දි.. ඇයි එහෙම කියන්නේ.. ඇයි සෙමින් වැඩ කරන්න කියන්නේ... ඔබේ දරුවන් ඔබෙන් යමක් ඉගෙන ගන්නේ ඒ දරුවට වැටහෙන සීමාවේ ඔබ හැසිරුනොත් විතරයි.. ඔබ දරුවන්ගේ සීමාව අවබෝධ කර නොගෙන වැඩ කරන්නේ ඔබේ ඔරලෝසුවට අනූව විතරක් නම් හැමදාම ඔබේ ජීවිතය කාලයත් සමඟ කරන තරඟයක් පමණක් වේවී..

පුලුවන් නම් විනාඩි 5ක් වැඩිපුර වෙන් කරන්න ඔබේ දරුවන්ට අවධානය දෙන්න ලොකු වෙනසක් ඔබෙත් දරුවන්ගෙත් ජීවන රටාවේ ඇති කරගන්න හැකි වේවී වෙහෙස අඩු කරගෙන සැහැල්ලුවෙන් හිනා වෙලා ජීවිතයට මුහුණ දෙන්න.. ඉතින් හොයාගන්න ඔබේ මනසේ ඉන්න තරඟකාරී මිනිසාට පොඩි විරාමයක් දීලා සෙමින් වැඩ කරන චරිතයට රඟපාන්න ඉඩ හදලා දෙන්න වෙලාව.


The "Partner" Role - සහකරුගෙ චරිතය


මේ චරිතය රඟපාන වෙලාවට ඔබේ කතාවන් සහ ක්‍රියාවන් අඩුවෙනුත් දරුවගේ කතාවන් සහ ක්‍රියාවන් වැඩියෙනුත් කරන්න අවස්ථාවක් ඔබේ දරුවට දෙන්න පුලුවන් නම් ඔබව හසුරවන්න හරියට නායකයෙක් වගේ ඔබේ දරුවා බොහොම කැමැත්තෙන් ඔබත් එක්ක විවිධ දේ ගැන කතා කරන්න පෙළඹේවී. මෙතනදි ඔබ දරුවට ඉගැන්වීමක් කරනවා වෙනුවට දරුවට සවන් දෙන්න හැකි නම් කාලයත් එක්ක බොහොම ශක්තිමත් නොබිඳිය හැකි විනිවිද පෙනෙන සන්නිවේදනයක් ගොඩනැඟෙවි ඔබත් දරුවත් අතර.. එයින් වැඩි දියුණු වෙන්නේ දරුවගේ සන්නිවේදන හැකියාව පමණක් නොවේ.. ඔබෙත් බොහෝ දුර්වලකම් හදාගන්න කදිම අවස්ථාවක් සන්නිවේදන හැකියා වල, මොකද වැරදුනා කියලා  කිසිම වෙලාවක  සදහටම තරහ වෙන කෙනෙක් නෙමේ දරුවෙක්ගේ නම්‍යශීලී මොළය..


The "Cheerleader" Role - අගය කරන්නාගේ චරිතය

මේ චරිතය හරිම ලේසියි.. කරන්න තියන්නේ පුලුවන් තරම් අගය කරන එක... වැරදි අඩුපාඩු  කියන්න අපහාස උපහාස  වගේම අනවශ්‍ය විදිහට හාස්‍යයට ලක් කරන්න කෙනෙක්ව පහත් කරලා කතා කරන්න  තරම් අගය කරන්න වචන නැති  අයට නම් මේ චරිතය රඟපාන්න අමාරු වෙයි ගොඩක්...අපි හිතමු දරුවෙක් තනියම කෝප්පයකින් පළමුවරට කිරි බිව්වා කියලා.. ඉතින් ඔබේ වචන වලින් හැසිරීමෙන් ඔබට පුලුවන් නම් දරුවට පෙන්වන්න ඔබේ සතුට ඔබ දරුවව අගය කරන තරම හිතට දැනෙන්න පෙන්වන්න පුලුවන් නම් ඊලඟ පාර ඊටත් වඩා ටිකක් වැඩියෙන් බොන්න දරුවා පෙළබේවි වැඩිය කැමති නැති වුනත්...


ජීවත් වීම කියන්නේ කලාවක්.. මේ කලාව ඇතුලේ වැඩියෙන්ම කරන්න තියන්නේ රඟපාන එක තමන් එක්ක ඉන්න අනිත් කෙනාව සතුටින් තියන්න වගේම තමන්වත් සතුටින් තියාගන්න. එතුලින් එකිනෙකා ගැන ලබා ගන්න නිවැරදි අවබෝධය පාර කියාවි සාර්ථක තෘප්තිමත් දිවියකට. කෙනෙක්ගේ හිත කියන්නේ සතුටින් තියන තරමට දේදුන්නක් වගේ පාට පාට හරි පුදුම දේවල් මවන්න පුලුවන් මෙවලමක්.. ඉතින් ඔබේ දරුවගේ මේ හිත කියන අරුම පුදුම මෙවලම සතුටින් තියන්න ඔබේ කාලය වෙන් කරගෙන මේ චරිත පහ රඟපාන්න පුලුවන් නම් ඔබ අවට පරිසරය දෙව්ලොවක සිරිය ගනීවි ජීවිතය පණ පිටින් විඳිය හැකි වෙන...


කිසිම වෙලාවක ඔබේත් දරුවගෙත් හිත් පණ පිටින් මරලා දාන අවස්ථාවන් වලට උඩට එන්න දෙන්න නොදී පාලනය කරගැනීම වැඩිහිටි ඔබේ වගකීමක් බව හොඳට මතක තියාගෙන ගත කරන්න ඔබේ කාලය දරුවන් සමඟ. දරුවන් සමඟ විතරක් නෙමේ ඔබත් ඔබ අවට ඉන්න ඕනම කෙනෙක් එක්ක මේ චරිත පහ තැනට සුදුසු විදිහට රඟපාන්න ඔබට තියන හැකියාව මත ඔබේ ජීවිතය සැනසිල්ලේ ගත කරන්න වාසනාව ලැබේවී.. හැබැයි ඔබ අවට පරිසරය එහි ඉන්න අයව හරිම පරිස්සමින් තෝරා බේරා ගන්න මතක තියාගන්න. 

9 comments:

  1. මං තාම පොඩියි.. හොද පෝස්‍ටුව හොදේ... මගේ බ්ලොග් රෝලෙට දාගත්තා...

    http://makarablogkiyawanaya.blogspot.com/

    http://ranwanmakara.blogspot.com/

    http://makarablogkiyawanaya.blogspot.com/2017/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්වන් මකරෝ..:)

      Delete
    2. එකෙන්ම

      - ජය බෝලී නාත් -

      Delete
  2. අඳුරින් ආළෝකයට මමත් ආවා. වැදගත් ලිපියක් මෙය. දිරි ලැබී දිගටම ලිවීමට හැකිවේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද...වෙලාව තියන විදිහට ලියන්න තමයි හිතන් ඉන්නේ.

      Delete
  3. ඔන්න මමත් ආවා මෙහෙට මකරා පෙන්න්ව පාර දිගේ. වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. අපොයි මකරුන් පෙන්වන පාරවල් දිගේ එන්නේ බලාගෙන.. එක අතකට මේ මකරා රන්වන් නේ ඒ නිසා ගින්දර පිට වුනත් බලන් ඉන්න ලස්සන ඇති.. ස්තුතියි සො. සඳවතී එකතු වුනාට..:)

      Delete
  4. digatama mevani lipi liyanna.

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.