මටත් ඕන පූසෙක්..
ඌට කන්න දෙන්නත් පුලුවන්
ඌට සැපට ඉන්න හදලා දෙන්නත් පුලුවන්
ඌට ලෙඩක් උනොත් බෙහෙත් අරන් දෙන්නත් පුලුවන්
යන යන තැන අරන් යන්නත් පුලුවන්
ඒත්
ඌට නිදහසේ ඉන්න දෙන්න
විදිහක් නැති නිසා
හදන්නේ නැහැ...
ඒත්
ඒ මට ලඟට අරන් හදන්න බැරි
හිතේ ඉන්න පූසට මම ගොඩක් ආදරෙයි...
මොකද මටත් ඕන පූසෙක්.....
ඔයාලටත් ඉන්නවද
එහෙම පූසෝ....
(නැත්නම් මොකෙක් හරි සතෙක්..)
නිමිත්ත: මුහුණු පොතේ යෙහෙළියකගේ පුංචි දියණියක් අතේ හිටිය කිටියෙක්...
ලස්සන උනත් හුරතල් උනත් ඔය සත්තු හදන එක හරිම කරදර වැඩක්
ReplyDeleteඒ කොහොමද ලෙවියාතන් , කරදරයක් වෙන්නේ..මොන තරම් තෘප්තියක් ලැබෙනව ද අපේ උණුසුම් මේ සතත් මේ සතාගේ උණුසුම අපිත් විඳින එකින්...
Deleteමම මේ සතුන්ට ආදරය කරන්නේ උන් ලස්සන හුරතල් නිසා නම් නෙමේ.. මගේ හැඟිම් වලට උන් පණ දෙන නිසා.. මාව ජීවත් කරවන නිසා ප්රාණවත්ව මේ සත්තු ලඟින් ඉන්න කොට...