Tuesday, November 28, 2017

ආදරය, වේදනාව සහ ගුරු තරු (ගුරු හොරු නොව) සමඟ නව වසරට පියමනිමින්....

ගුරුවරියකගෙ දරුවෙකුට ඇති ආදරයට, තේරුම් ගැනීමට, ඉගැන්වීමේ හැකියාවට, දරුවන් සමඟ ඔවුන්ගේ ලෝකයට ඇතුල් වන්නට ඇති හැකියාවට, දඬුවම වෙනුවට සියුම් අණ කිරීම් වලට මමද බොහෝ සේ පෙම් බැන්ඳෙමි මගේ පාසැල් කාලය පුරාවටම..

Saturday, November 25, 2017

අතීතයේ වගේ දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ ඇයි ....


ඇයි අතීතයේ වගේ දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ.. 
නිර්මාණශීලි මිනිස්සු නැද්ද.. 
නැහැ ඉන්නවා
ඉස්සරට වඩා දැන් ඉන්නවා නිර්මාණශීලි දැනුමින් පිරි මිනිස්සු
ලෝකය ගැන විතරක් නෙමේ විශ්වය ගැනත්..
එතකොට සමාජයේ සිදුවීම් වෙන්නේ නැද්ද.. 
නැහැ වෙනවා..
ඉස්සරටත් වඩා විවාදශීලි අවස්ථාවාදි සිදුවීම් සමාජයේ වැහි වැහලා.. 
ඒත් ඇයි පිළිරුක් නොහැදෙන්නේ ප්‍රස්ථාවට අනූව... 
කල් පවතින තේරුමක්  ඇති  වැඩක් ගත හැකි 
මට හිතෙන්නේ මිනිස්සුන්ට නැහැ විවේකයක්.. 
මිනිස්සුන්ට නෙමේ, මිනිස්සුන්ගේ මනසට නැහැ විවේකයක්...
ඔබට හිතෙන්නේ ඇයි..
දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ..

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.