Saturday, November 10, 2018

හිත ඇත්නම් පත කුඩා ද

බොහෝ වැඩිහිටි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සෘණාත්මක හැඟිම් අනිත් අයට නොරිදවා,  අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව ස්වාධීනව  පිට කල හැකි ක්‍රම තියන බව.. තමන්ගේ හදවතේ නොනවත්වා නැඟෙන හැඟිම් පෙරා වෙන් කර අවට පරිසරය හිතකර හැඟිම් පමණක් පිට කල හැකි පෙරහන් කඩදාසි සොයා ගැනීම හිත ඇත්නම් පත කුඩා ද වගේ හරිම පහසු දෙයක්..(ඒ වගේම තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නාසය අඟින් අවසන් කරන්නත් බොහෝ වැඩිහිටියන් දන්නේ නැහැ)

Friday, November 9, 2018

මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...

ඔබට මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත  අලවා තබන්න භාවිතා කරන (එක්)  ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම් වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන වෙනම කතා කරන්න ඕන)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.