Sunday, September 2, 2018

හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී...

දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි..

මොකද්ද බය කියන්නේ...

අපි හැමෝම මව්කුසින් මේ ලෝකේට ආව පළමු මොහොතේ ඉඳලම මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීම වලට.. අපි වගේම අපේ අවට ඉන්න අයත්..මේ සදා නොවෙනස් අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීලම තමයි අපි ඒ සිදුවීම් ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් කර ගන්නේ.. ඒ කියන්නේ මේ සිදුවීම් වලට මුහුණ නොදෙන කෙනෙක් කවදාවත් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නේ නැහැ..එහි බලපෑම මොන වගේ ද කියන එක ඔබට සිතන්න ඉතුරු කරමි..ඉතින් මේ විදිහට මමත් ඉපදුනු දා ඉඳලා එක එක විදිහේ අනපේක්ෂිත සිදුවීම වලට කෙලින් හැංගෙන්නේ නැතුව මුහුණ දෙමින් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගනිමින් ගෙවාගෙන එන ජීවිතේ පහුගිය ඉරිදා කියන්නේ මින් ඉහත ජිවිතයේ කිසිදිනක මුහුණ නොදුන් මුහුණ දෙන්න වෙයි කියාද කිසිවිටක නොසිතු සිදුවීමකට මුහුණ දුන් දවසක්..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.