Saturday, March 31, 2018

ආගම් සහ ලිංගබේදය...

ඔබ කවදහරි ප්‍රශ්න කරලා තියනවද මේ ලෝකේ තියන (බහුතරයක්) ආගම් වල නිර්මාතෘන් කොහොමද පිරිමි අය පමණක් උනේ කියන එක සහ ඒ ආගම් වල සඳහන් සියලු දේ කිසිඳු ප්‍රශ්න ඇසීමකින් තොරව හිස්මුඳුනින් පිළිගෙන පිළිපදින බහුතරයක් නොයෙක් අයුරින් සමාජයක  අසාධාරණයට සහ අසරණවීම් වලට ලක් වෙන ගැහැනු අය වීම ගැන.


ප.ලි.: ඔබ දන්නා වර්තමානයේ මිනිසුන් අදහන ගැහැනු කෙනෙක් නිර්මාණය කල ආගමක්  තිබේ නම් මෙහි සඳහන් කරන්න.. 

Wednesday, March 28, 2018

ඇයි මිනිස් පැටව් ඉපදෙනකොටම කතා කරන්නේ නැත්තේ, ඇවිදින්නේ නැත්තේ ?

තාක්ෂණය දියුණු වෙද්දි දරු උපතක් සම්පුර්ණයෙන්ම 
ගැහැනියකගේ ශරීරයෙන් ස්වාධිනව 
සාර්ථකව කරන්න සොයා ගත්තොත් 
මව් සෙනෙහස මෙලොවින් තුරන් වේවි ද...  
ඔබට මොකද හිතෙන්නේ...  
ගැහැනියක් තුලින් (මව්) සෙනෙහස මතු වෙන්නේ
 කුමන හේතු නිසා කියල ද 
ඔබට හිතෙන්නේ..

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.