Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Saturday, February 18, 2023

දෙන්න මට නුඹේ සතුට...

මගේ පුතු පිලිසිඳ ගත්ත දවසේ ඉඳන්ම අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දුන්නු දරුවෙක්..මුලින්ම ගර්භනී කාලයේ H1N1 වෛරසයට මාත් එක්ක සති පහේදි සටන් වැදුනු පුතු ඉපදුනාට පස්සේ මුහුණ දුන්නේ පුතුගේ පියාගේ මානසික අසමතුලිතා ගැටලු වලට..තාමත් ඒ ගැටලු වලට පුතු ඉඳහිට මුහුණ දෙනවා පුතුගේ පියා නිසි ප්‍රතිකාර දිගටම නොගන්න නිසා..Postpartum depression හැදෙන්නේ අම්මට විතරක් නෙමේ, තාත්තටත් ඒ තත්වය එන්න පුලුවන් බව ලංකාවේ උගත් අය පවා නොදන්න දෙයක් කියා මට හිතෙනවා මගේ අත්දැකීම් දිහා බලද්දී..


ඉන් පස්සේ පුතුගේම ඇතුලාන්තයේ ගැටලු වලට...ඊටත් පස්සේ දික්කසාදය නිසා නිවාස දෙකක වෙන් වෙන්ව දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිදු වීම.

Monday, March 30, 2020

නම නොදන්නා සීයා සිහි ගැන්වු තාත්තා

ඉඳ හිට  තනි අතින් බඩු මල්ලකුත් අරන් හීන් පොඳ වැස්සේ  පාරේ යන  වයසක සීයා කෙනෙක්ව ජනේලයෙන්  දකිද්දි  මතක් වෙන්නේ මගේ තාත්තා..අද හිටියා නම්..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.