Friday, March 23, 2018

මිනිස්සු මැරෙන්න බය ද....

මිනිසා මැරෙන්න බය නිසා ද එහෙමත් නැත්නම් ජීවත් වෙන්න තියන ආශාව වැඩිකම නිසාද මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය තුල පිළිපදින්න සිරිත් විරිත්, නිතී රිතී, අදහන්න ආගම්, දර්ශනයන් බිහි කරගෙන ඉන්නේ?

මේ දේවල් බිහි නොවුනා නම් මිනිසා පැවතෙයි ද... මේ බිහි වීම් පිටුපස ලේ සෙලවීම් කොපමණ ඇති ද... හිත් රිදීම් කොපමණ ඇති ද... රැවටීම් කොපමණ ඇති  ද.. මිනිසාගේ මනස අවුල් නොවී පවත්වා ගන්න එතුළින් සාමකාමි සමාජ හදා ගන්න මේ මිනිසා අතරින්ම බිහි වු නිර්මාණ කොයි තරම් උදව් වී ඇතිද.. මිනිස් මනසේ අතිශය සුන්දර (විටෙක අතිශය විවාදාත්මක) කලාකාමී පැති කඩක් විදහා පෙන්වන මේ එකිනෙකට වෙනස් නිර්මාණ නිසාම මිනිසා අනාගතයේ දි වඳ වී යාවිද එකිනෙකා අතර නිසි සන්නිවේදනයක් සිදු නොවුන හොත්....

මම ඔබට කිව්වොත් මේ ලෝකෙ තියන සියලු සංකල්ප (ආගම් ද ඇතුලුව) මිනිසා විසින්ම මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගන්න එක් එක් කාලවල් වලදි නිර්මාණය කරගත් ඒවා පමණක් බව.....මිනිසාගේ පැවැත්ම තහවුරු කිරීමේදි මේ සියලු සංකල්ප වල අඬු ලුහුඩුකම් ඇති බවත් ඒ බව බුද්ධියෙන් නොවිමසා හැඟිම් වලට වහල් වීමෙන් වන්නේ මිනිසාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වීම බව නොපෙනෙන මිනිස් මොළ ගැන කුමක් කියන්නද?

ඒ වගේම වැඩිහිටියෙකු වූ පසුවත් තමන්ගේ ජීවිතය අනුන්ගේ අදහස් වලින් මිදීමට නොහැකිව ගත කරන අය තමන්ගේ ජිවිතයට එකතු කර ගන්න කලින් හොඳින් සිතා බලා අවබෝධයෙන් වැඩ කරන්න.. අනුන්ගේ අදහස් වලට මේ ලොකේ තියන සියලුම ආගම් සහ නිතී රිතී ඇතුලු සංස්කෘතික අංග අයත් වෙන බවත් සිහියේ තබා ගන්න.. මිනිසා ඇතුලු අවට පරිසරයේ පැවැත්ම ගැන ධනාත්මක ස්වාධීන චින්තනයක් නැති අය ඔබේ ජිවිතය කිසිඳා පහසු නොකරන නිසාවෙන්...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.