tag:blogger.com,1999:blog-8003424149668137377.post9084953778555859460..comments2023-05-28T10:07:09.612-07:00Comments on අඳුරෙන් ආලෝකයට....: පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති දරුවෙක් හදමු ද....අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8003424149668137377.post-84421177760685048262018-05-07T02:31:42.940-07:002018-05-07T02:31:42.940-07:00මේ ක්‍රියාවලියේ මම දැක්ක දෙයක් තමයි, දෙමාපියන් තමන...මේ ක්‍රියාවලියේ මම දැක්ක දෙයක් තමයි, දෙමාපියන් තමන් හදපු වඩපු නිසා, එහෙමත් නැත්නම් දෙමාපියතමන් වෙනුවෙන් කැප වීම කල නිසා, ඔවුන්ගේ හිත් රිදවන්න නොහැකිව තමන්ගේ ජීවිතය විහින් හිර කර ගන්නා දරුවන්... ඒ මානසික ගැටලුව ලිහා ගන්න දරුවන්ට දෙමාපියන් උදව් කරන්නේ නැහැ, අපේ සංස්කෘතියේ තියන යැපුම් ක්‍රමය නිසා..අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-63887111273089589442018-05-07T02:27:45.333-07:002018-05-07T02:27:45.333-07:00මම කැමතියි ලිඛිතා පිළිවෙලකට මේ කරුණු ලියන්න.. ඒක ත...මම කැමතියි ලිඛිතා පිළිවෙලකට මේ කරුණු ලියන්න.. ඒක තමයි වෙන්නත් ඕන.. ඒත් ජීවිතේ එහෙම නිදහස් නැහැ තවම..පැහැර හරින්නම බැරි වගකීම් එක්ක ගෙවන අවිවේකී එහෙත් තෘප්තිමත් ජීවිතය එළිය කරන එක දෙයක් මේ ලිවීමේ පුරුද්ද මගේ..

ටික ටික හරි හිතට එන අදහස් පිළිවෙලක් නැතුව හරි එක තැනක ලියන්නේ අනාගතයේ දවසක පිළිවෙලක් කරන්න තරම් නිදහසක් ලැබේවි කියලා හිතාගෙන..

ඔබ අහන ප්‍රශ්න ඇතුලේම උත්තරෙත් මම දකිනවා ලිඛිතා.. ඒ තමයි "බය"...

ලොස්ට් දරුවන් කීප දෙනෙකුට මම උදව් කරනවා පාරක් හොයා ගන්න, කියලා ලියලා පැහැදිලි කරන්න බැරි තරම් එය අමාරු දෙයක්.. එක පාරක් අමාරුවෙන් හොයා ගෙන ඉඳිරියට එක්කන් යද්දි ඒ පාර වැහෙන්නේ ආයේ අරින්න පුලුවන් විදිහය නෙමේ.. ඉන් පස්සේ ඒ හිර වුනු තැන නතර වෙලා ආපහු මුල ඉඳලා හිතන්න වෙනවා පටන් ගන්න තැනක්.. ඒක හරිම වෙහෙසකර දෙයක්..අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-33069376133986181192018-05-07T02:15:35.192-07:002018-05-07T02:15:35.192-07:00දිගු කලක් තිස්සේ ඔබව කියෝන කෙනෙක් විදියට මමත් දැක්...දිගු කලක් තිස්සේ ඔබව කියෝන කෙනෙක් විදියට මමත් දැක්කා ඒ ලිපි. ඇත්ත...
මම කැමතියි කාචයකින් ආලෝක කදම්බයක් නාභිගත කරනවා වාගේ මේ අදහස් එක රටාවකට ගොනු කරන්නට. මොකද මේ අදහස්වල ආරම්භය මෙහෙම විසිරුණු ස්වභාවයක් නොවී, වඩාත් නාභිගතව සිදු උනා නම් වඩාත් ප්‍රතිපල නෙලාගත හැකියි කියලා හිතෙන නිසා.
කොටින්ම, ඔබ මේ මතුකරන කාරණය ලිපියෙන් නිස්සාරණය කරලා ගත්තොත්, කාරනා කීපයක් තෝරලා අරගන්න පුළුවන් සාකච්චාවට.
1. දරුවන්ට බොරුවක් කියන්න දෙමවුපියන් පෙළඹෙන්නේ ඇයි ?
2. ඒ දරුවන්ගෙන්ම අපි සත්‍ය කියන්නට බලකිරීමක් කරන්නේ ඇයි ?
3. බිය ඇතිවිය යුත්තේ මොකටද? ( ඇත්ත කියන්නද? අනතුරෙන් වැලකෙන්නද ? ඇත්තටම ඇයි ?)
4. බය නැතුව ඇත්ත කියා අනාගන්නේ නැතිමද? ( අපේ අත්දැකීම් මොනවාද? අපි ආදර්ශමත්ද?)
5. බය නැතුව ඇත්ත කියන්නේ ඇත්තටම මොකටද? ( හර්ද සාක්ෂියටද? අවට ලෝකයටද? නෑ ඒ දෙකටම නෙවෙයි කර්මයටද?)
6. කාගේ ක්රමයක්ද අපි මේ ගෙනියන්නේ? ( අපේ අම්මලාගේද? අපේමද ? අපිට හොඳයි හිතෙන දේද? අපි මවාගත්ත ලෝකයක්ද ?)

අවසානයට ඔබ කියූ lost දරුවන්... එය ලොකු මාතෘකාවක්. අපි ලියමු ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-20556081537426565582018-05-07T02:00:42.899-07:002018-05-07T02:00:42.899-07:00ලිඛිතා, ඔබ බලාගෙන ආවොත් මේ බ්ලොගයේ මුල ඉඳලම, මම ලි...ලිඛිතා, ඔබ බලාගෙන ආවොත් මේ බ්ලොගයේ මුල ඉඳලම, මම ලියන්නේ මේ හා සමාන මාතෘකා වලට අඳාලව.. මම මේ බ්ලොගය නම් කලෙත් ඒ අදහස හිතේ තියාගෙන.. කොහෙන් පටන් ගෙන මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියොත් මේ ටිකවත් ලියවෙන්නේ නැහැ..

ඔබ කියනවා වගේ lost දරුවෝ මම මෙහෙත් දකිනවා ශ්‍රි ලාංකික පවුල් වල.. සමහර වෙලාවට කිසිම දේකින් අඩුවක් නැහැ, ඒත් හිතේ සහනයක් ජීවිතේ සතුටක් සැහැල්ලුවක් නැහැ.. හරිම කණගාටුයි ඒ ජීවිත ගෙවෙන විදිහ දකිද්දි...අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-84659749477354497442018-05-07T01:54:23.272-07:002018-05-07T01:54:23.272-07:00මට හිතෙන්නේ අපේ දෙමවුපියන්ගේ පරපුරේ මේ ගතිලක්ෂණය ඉ...මට හිතෙන්නේ අපේ දෙමවුපියන්ගේ පරපුරේ මේ ගතිලක්ෂණය ඉතාම දරුණු තත්වයක් දක්වා ඇවිත් අපි පවා දැන් අතීරණයක ඉන්නේ කියලයි. දරුවන් කොතරම් lost කියලාද බලන්න එතකොට?

මම මේ ගැන දීර්ඝව ලියන්නත් හිතාගෙන හිටපු දෙයක්. ඒ නිසා මෙතන යම් පමණකට අදහස ලියන්නම්. කොහොම උනත් අපේ සහ අපේ දරුවන්ගේ පරපුරවල් එක්ක අපේ දෙමවුපිය පරපුරේ ලොකු ගැටුමක් දැනටමත් තියෙනවා. අධ්‍යාපනය, ආකල්ප, ජිවන රටාව කියන මේ පැති වලින් දෙගොල්ලක් ඉන්නේ අන්තයේ. වින්දිත අන්තය දරුවන්!

මේ ගැන පුළුල්ව ලියන්න ඕනේ? මොකද හිතන්නේ?? ඔබ කැමතිද තව ලියන්න? මම ලියන්න හිතාගෙන ඉන්න මාතෘකාවක් නැවත මතක් කලාට ස්තුතිය.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-71882265076494493422018-05-07T01:53:06.769-07:002018-05-07T01:53:06.769-07:00This comment has been removed by the author.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com