Tuesday, April 3, 2018

මිනිස්සු තෝරා ගත් එක් තැනක් හෝ කෙනෙක් වෙනුවෙන් පමණක් ඕනවටත් වඩා වෙහෙසෙන්නේ ඇයි ?

මිනිසා කියන්නේ පරිණාමිකවම තමන් වෙනුවෙන් ගොඩ ගැසීම පුරුදු කරපු කෙනෙක් මිනිස් ජීවය පවත්වා ගන්න.. අනිත් ඕනම පණ ඇති/නැති දෙයක්/කෙනෙක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න පසුබට නොවන කෙනෙක්.. එනිසයි මිනිසා කියන සතා තවම පැවැතෙන්නේ..

ඒ පුරුද්ද වෙනස් කරන්න එක එක ක්‍රම මිනිසා විසින්ම හදාගෙන තිබුනත් (ආගම්, සිරිත් විරිත්) ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා තවමත් අනාගතයේදීත් ගොඩ ගැසීම් නවත්වන්න අමාරුයි.. මිනිසුන් අතරින්ම ඒ ගොඩ ගසන දේවල් සමව බෙදා හරින ක්‍රම බිහි නොවි මොන විදිහේ වෙනස්කම් උනත් සාර්ථක වෙන්නේ නම් නැහැ..

ටිකක් හිතලා බලන්න තමන්ට පාරම්පරිකව ලැබුනු දේපළ හෝ තමන් එක් රැස් කල දේවලින් සුළු කොටසක් හෝ බිම් අඟලක් නැති කෙනෙකුට කිසිම හේතුවක් නැතිව ඒ කෙනාගේ යහපත ගැන පමණක් සිතා දෙන්න හිතන්නේ කීයෙන් කී දෙනාද..ඒ වෙනුවට බිම් අඟලකටත් තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් සමඟත් මිනී මරා ගන්න අය   කොතෙක් ද
මිනිසා අතර සමව සම්පත් බෙදිමේ ක්‍රම බිහි කරන්න නම් මිනිසා ගැන සංවේදී මිනිසුන්ගේ අසීමිත විශ්වාසය දිනා ගත හැකි අතිශය නිර්මාණශීලි මිනිසුන් බිහි වීමත් අනිවාර්ය දෙයක්.. එක් මිනිසෙකුට තවත් මිනිසෙක් තර්ජනයක් නොවන තැනකට මුලු මිනිස් සමාජයම එනකම් කිසිම ක්‍රමයකින් අසාධාරණ දේ නවතන්න නොහැකි වෙන්නෙත් මිනිසා නිසාමයි...

1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.